5G වලට Microsoft සුදානම් වන හැටි

5G වලට Microsoft සුදානම් වන හැටි

2043
0
SHARE

මොකක්ද මේ ලෝකය පුරාම කතා කරන 5G කියන්නේ. 5G කියන්නේ දුරකථන පරම්පරාවේ පස්වෙනි පරම්පරාව. ඔබ මිට කලින් අහලා ඇති 2G තාක්ෂනය, 3G තාක්ෂණය වගේම 4G තාක්ෂණය ගැන. 2G ගැන පොඩ්ඩක් කීවොත්, GSM තාක්ෂණය පදනම් කරගෙන එය ගොඩනැගෙන්නේ. මේකේ ලොකුම වාසිය වුනේ phone calls encrypt කරන්න පුළුවන් වීම. ඒ වගේම 2G තමයි SMS පටන් ගත්තේ. 3G ගැන කතා කලොත් wireless mobile technology එකේ,තුන්වන පරම්පරාව. 3G වලදී හුගක්ම කතා කලේම fast internet speed එක ගැන. 3G තමන්ගේ වැඩ පෙන්වන්න පටන් ගත්තේ wireless voice telephony, mobile Internet access, fixed wireless Internet access, video calls  හා mobile TV තාක්ෂණයන් ඔස්සේ. 3G වලට පස්සේ දුරකථන හා ලැප්ටොප් වලට ආපු 3.5G වගේම 3.75G තාක්ෂනයන් 3G වලටත් වඩා සැහෙන ඉදිරියෙන් උන්නා.

mobile web access, IP telephony, gaming services, high-definition mobile TV, video conferencing, and 3D television වගේ තාක්ෂණයන් ආවේ 4G එක්ක. Mobile 4G technologies වල frequencies ගැන පොඩ්ඩක් පැහැදිලි කලොත් පහත දක්වල තියෙන්නේ මේ එක එක frequency වලදී භාවිත වෙන විදිහ.

  • 700 MHz (Band 28 – Telstra / Optus)
  • 850 MHz (Band 5 – Vodafone)
  • 900 MHz (Band 8 – Telstra)
  • 1800 MHz (Band 3 – Telstra / Optus / Vodafone)
  • 2100 MHz (Band 1 – [a small number of Telstra sites] / Optus [Tasmania] / Vodafone)
  • 2300 MHz (Band 40 – Optus [Vivid Wireless spectrum])
  • 2600 MHz (Band 7 – Telstra / Optus)

Cellular Technology තාක්ෂණයේ පස්වෙනි පරම්පරාව තමයි 5G කියන්නේ. 5G තාක්ෂණයේ high data rate, reduced latency, energy saving, cost reduction, higher system capacity, හා massive device connectivity වගේ තරමක් සංකීර්ණ වගේම මිල ගණන් අධික දේවල් ගැන තමයි කතා කරන්නේ. දැන් තියෙන infrastructure එක අනුවනම් devices ගණන වැඩි වෙද්දී signal ප්‍රමාණය එහෙමත් නැත්නම් connectivity එක අඩු වෙනවා. 5G වලදී high-frequency millimeter waves පාවිච්චි කරනවා ඒවා 4G වගේ නැහැ. devices බිලියන ගණනකට වුනත් connect වෙන්න පුළුවන්.

Asus, HTC, LG, Sony, Xiaomi වගේ device makersල මේ සැහෙන්න උනන්දු වෙනවා 5G තාක්ෂණය තමන්ගේ brand name එක ඉහලට ඔසවන්නට භාවිතා කරන්නට. තාක්ෂණය කියන වචනය Microsoft එක්ක බද්ධ වුන වචනයක්. cloud investments  connected PCs, ubiquitous computing, IoT, and AI, 5G වගේ අලුත් දේවල් ගණනාවක් Microsoft නිසා අලුත් වුණා. Microsoft මේ වන විට පර්යේෂණ ගණනාවක්ම සිදු කරනවා, ambient computing හා IoT සම්බන්ධව. මේවට ඕනේ කරන යම් requirements තිබෙනවා,හොද වර්ග වල IoT devices තියෙන්න ඕනේ, ඒ වගේම high-speed mobile networks පවතින්න අවශ්‍යයි, මේ networks වලට පුළුවන් වෙන්න ඕනි handle කරන්න අති විශාල දත්ත ප්‍රමාණයක් එක වරකට. Artificial Intelligence අනිවාර්යෙන්ම ඕනේ වේවි මේ වැඩේට. මේ නිසා මේකට හොදම තාක්ෂණය වෙන්නේ 5G තමයි. මොකද මේ හැම requirement එකක්ම 4G මට්ටම ඉක්මවා යන නිසා.

Microsoft විසින් ආයෝජනය කරල පටන් ගත්තු අලුත්ම project එකක් තමයි Remote healthcare and connected cars කියන්නේ. මේ ව්‍යාපෘතිය පුරාවටම පාවිච්චි කරන devices හා data එක්ක බැලුවම 5G තාක්ෂණය මේකටත් පාවිච්චි කරන්න සිදු වෙනවා. ඒ වගේමයි මම VR භාවිතාව අතින් Microsoft ගැන කතා කරනවානම් Mixed Reality Experience එකකට එන Hololens අනිවාර්යෙන්ම 5G තාක්ෂණය සමගම සැහෙන දත්ත ගණනක් එක වරකට යැවීමේ හැකියාව එක්කම, devices අතර තිබෙන interaction එක වැඩි කරගන්න අනිවර්යෙන්ම අවස්ථාව සැලසේවි.

නැවත හමුවෙමු…

Source: https://www.windowscentral.com/why-race-deploy-5g-networks-matters-microsoft

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY