Twitter PWA තවත් අලුත් වෙයි.

Twitter PWA තවත් අලුත් වෙයි.

1683
0
SHARE

අපේ මාතෘකාවේ Twitter ගැන ඔබ දන්නවා. නමුත් මොකක්ද මේ PWA කියන්නේ? PWA එහෙමත් නැත්නම් Progressive Web App එකක්. ඔබ දන්නවා 2005 වෙනකන්ම තිබුන හුගක් web apps static වර්ගයේ ඒවා. ඒ කියන්නේ .NET හෝ PHP යොදාගෙන හදපුවා. නමුත් ඔබ දන්නවා අද වෙනකොට web apps සැහෙන දුරට dynamic වලට බර වෙලා තිබෙනවා. ඒ කියන්නේ AJAX වගේ languages වලට වගේම responsive web design වලට.

2015දී මේ PWA සඳහා වෙනමම අර්ථ දැක්වීමක් ලැබුණා. PWA සතුව ඔවුන්ටම අවේනික වුනු ලක්ෂණ පැවතුනා.

  • Progressive – ඕනෑම user කෙනෙක් සඳහා ගැලපෙනවා, ඔහුගේ/ ඇයගේ browser තේරීම කොහොම වුනත්.
  • Responsive – desktop, mobile, tablet හෝ ඕනෑම device එකක් සඳහා ගැලපෙනවා.
  • Connectivity independent – Service workers විසින් signal තත්වය අවම වෙලාවක පවා වැඩ කිරීමට ඉඩ දෙනවා.
  • App-like – web app එකක් වගේ නැතුව සාමාන්‍ය mobile app එකක් වගේමයි සියලුම interactions.
  • Fresh – service worker update process එක නිසා සෑම වෙලාවකම update වෙලා තියෙන්නේ.
  • Safe – Served වෙන්නේ HTTPS හරහා. හුගක්ම දුරට snooping වැලැක්වීම හා තොරතුරු වල ආරක්ෂාව නිසා.
  • Discoverable – W3C manifests නිසා applications ලෙස භාවිත කිරීම පහසු වෙලා තිබෙනවා.
  • Re-engageable –  push notifications නිසා arrangement කරගැනීම පහසුයි.
  • Installable – usersලට ඔවුන්ගේ home screen එකේම apps තබා ගැනීමේ පහසුකම ලබා දී තිබෙනවා.
  • Linkable -URL එකක් පාවිච්චි කරලා share කරන්න පුළුවන්කම නිසා පහසුවෙන්ම link කරන්න පුළුවන් install කර කර ඉන්න ඕනේ නැහැ.

මම හිතනවා ඔබට දැන් යම් පැහැදිලි හැඟීමක් ඇති මම මේ මොකක් ගැනද කියන්නේ කියන කාරණාව ගැන. 2015දී Microsoft කට්ටිය තීරණය කළා තමන්ගේ store එකේ shared web apps වලට තැනක් ලබා දෙන්න. නමුත් කාලයත් සමගම PWA විසින් native apps replace කරන්න පටන් ගත්තා.

අපෙ කතා නායකයා වෙන්නේ Twitter. Twitter දිගටම පාවිච්චි කලේ UWP හෙවත් Universal Windows Platform application එකක්. නමුත් පසුගිය මාසයකදී ඔවුන් තීරණය කළා PWA වලට මාරු වෙන්න. මේ update එකත් එක්කම අයෙත් twitter වටා ඔවුන්ගේ මුල් රසික පිරිස නැවත ගොනු වේවි කියලා ඔවුන් විශ්වාස කරනවා. මේ update එකත් එක්කම push notifications සක්‍රිය වෙනවා. ඒ කියන්නේ ඔබට app එක open කිරීමකින් තොරව messages direct කියවීම හා reply බැලීමේ අවස්ථාව හිමි වෙනවා. bookmark tweets, the character limit increase වගේ ලක්ෂණ පවා මේ සමග රසිකයන්ට හිමි වෙනවා.

ඒ සමගම ලැබුන තවත් පහසුකමක් තමයි live tiles කියන්නේ. ඔබ මේ app එකෙන් අදාල profile එකට ගිහින් එකේ settings tab එකෙන් pin user දීම මගින් ඔබට ඔහු හෝ ඇය කරන සියලුම දේවල් බලාගන්න පුළුවන් වෙනවා. මේ තියෙන්නේ ඇත්තටම twitter PWA එකක්. මෙමගින් direct link කරනවා ඔබව profile එකට.ල මේ live tile එක මගින් මේ profile එකට අදාල සියලුම විස්තර බලාගන්න පුළුවන්. මම මේ ලිපිය ලියන මොහොත වෙද්දී මේ live tile එක මගින් කෙනෙක්ට direct message එකක් යැවීමේ හැකියාව ලැබිල නැතත් එයත් ඉක්මනින් ලැබේවි කියලා windowsgeek අපි හිතනවා.

නැවත හමුවෙමු…

Source: https://www.neowin.net/news/twitter-pwa-adds-live-tile-support-for-profiles-and-more

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY