Dyslexia රෝගීන්ට Microsoft ගෙන් විසදුමක්

Dyslexia රෝගීන්ට Microsoft ගෙන් විසදුමක්

2241
0
SHARE

Microsoft සමාගම පසුගිය වසර කිහිපය තිස්සේම අපි Word භාවිත කරලා ලියන දෑ speech එකක් විදියට ඒ කියන්නේ කතාවක් විදියට අහන්න සලස්වන ක්‍රම ගැන සොයා බැලුවා. දැන් ඔවුන් එයට හොදම ක්‍රමය සොයාගෙන. අළුතින්ම හදුන්වා දුන් Office 365 updates වල word හි මෙම අළුත්ම Read aloud feature එක දැකගන්න පුළුවන්. එය දැනට භාවිතයේ තියෙන feature එකට බොහෝ දුරට සමානයි. එම feature එක හදුන්වා දුන්නේ පසුගිය දෙසැම්බර් මාසයේ. නමුත් හදුන්වාදුන් අළුත්ම feature එක භාවිත කරලා පහසුවෙන්ම වචන කියවන වේගය වෙනස් කරන්න ඒ වගේම වචන කියවන අතරතුරම වාක්‍ය highlight කරන්න සහ edit කරන්න පුළුවන්.

දැන් මම කියන්නම් Dyslexia කියන්නේ මොනවගේ රෝගයක්ද කියලා. Dyslexia එහෙම නැත්නම් කියවීමේ අක්‍රමිකතාවය, මොකක්ද මේ රෝගය, හැදුනම මොකද වෙන්නෙ. මෙය කියවන ඔබේ හිතට මුලින්ම ආව ප්‍රශ්නයත් එය වෙන්න ඕනේ. මුලින්ම කියන්න ඕනේ මේ රෝගය හැදෙන්නේ බුද්ධියේ අඩුකමක් නිසා නම් නෙවෙයි. රෝගය සෑදෙන්න ජානමය සාධක වගේම පාරිසරික සාධකත් බලපානවා. මෙම රෝගය වැළදුන පුද්ගලයන්ට අක්ෂර වින්‍යාසය, ඉක්මනින් කියවීම, වචන ලිවීම, ශබ්ද නගා කියවන විට වචන ප්‍රකාශ කිරීම, කියවන දේ තේරුම් ගැනීම වැනි දෑ සම්බන්ධව ගැටලු පවතිනවා.

කියවන විට කියවන දෑ තේරුම් ගැනීමේ අපහසුතාවය Dyslexia රෝගීන්ට ඇති නිසාම Word සදහා අළුතින්ම හදුන්වාදුන් මේ feature එක ඔවුන්ට ඉතා වැදගත්. වාක්‍ය ශබ්ද නගා කියවීම මගින් ඒවායේ වැරදි නිවරැදි කිරීම පහසු වෙනවා. Proofreading කරන අයටත් මේ feature එක ගොඩක් වැදගත් වේවි. ඔබත් ඔබේ headphone එක සමග මේ අළුත් read aloud feature එක භාවිත කරන්න කැමති වන බවට නිසැකැයි. මේ අළුත් feature එක මේ වසර අග වන විට දී සියල්ලන්ටම භාවිත කරන්න පහසුකම් ලැබේවි.

Source: https://www.theverge.com/2017/8/1/16074506/microsoft-word-read-aloud-feature

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY