අපි කණ්ඩායමක් ලෙස එක්ව වැඩකරමු.

අපි කණ්ඩායමක් ලෙස එක්ව වැඩකරමු.

4520
0
SHARE

කිසියම් වූ කාර්යයක් සාර්ථකව අවසන් වන තෙක් අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් කණ්ඩායමක් ලෙස සාමූහික ලෙස කටයුතු කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. කණ්ඩායමක් ලෙස  එක් වැඩබිමක (workplace) සේවය කිරීමේදී බොහෝ පහසුකම් අපට තිබිය යුතු වේ. බොහෝ විට එකිනෙකා අතර සිදු කරගන්නා කථාබහ කණ්ඩායමක් ලෙස ගන්නා තීරණ වෙනුවෙන් විවිධ වූ සන්නිවේදන මෙවලම් මෙහිදී භාවිත කළ යුතුවේ. එසේම විවිධ ආකාරයෙන් සටහන් තබාගැනීම සටහන් පවත්වාගෙන යාම සහ වෙනත් ඇමුණුම් භාවිත කිරීමට අපට සිදුවේ. මෙම ක්‍රියාවලීන් සංකීර්ණ වනුයේ වෙනස් ස්ථාන වල සිට කණ්ඩායමක් ලෙස එක්ව වැඩ කිරීමේදීය.

නමුත් කණ්ඩායමක් ලෙස සේවය කිරීමේ කාර්යය වෙනුවෙන් Microsoft Teams ඔබ වෙනුවෙන් පහසුකම් සපයනු ඇත. මොකක්ද Microsoft  Teams කියන්නේ.  Office 365 සේවාවත් සමඟ ලැබෙන මෙම  Teams නම් වූ මෙම සේවාව කණ්ඩායමක් ලෙස වැඩකිරීමට අවශ්‍ය සියළු පහසුකම් ලබාදෙන සේවාවක් වේ.

ඔබගේ කණ්ඩායම තුළ පෞද්ගලිකව හෝ කුඩා කණ්ඩායම් ලෙස සංවාද Chat භාවිත කළ හැකි අතර, ඇමතුම් සහ කණ්ඩායම් රැස්වීම් සමඟ සම්බන්ධ කිරීම වෙනුවෙනුත් Skype  සම්මන්ත්‍රණ පහසුවෙන් කරගැනීමට පහසුකම් ලබාදේ. එසේම  රැස්වීම්වල ඔබගේ ගොනු, යෙදුම් හෝ ඩෙස්ක්ටොප් එක හුවමාරු කරගත හැකි අතර පසුව සටහන් කර ඇති අන්තර්ගතයන් සමඟ සමාලෝචනය කිරීමේ පහසුකමද ආදී පහසුකම් සියල්ල එකම ස්ථානයක ලබාදෙනු ලබයි. රටවල් 181 තුළ මෙම පහසුකම භාවිත කිරීමේ හැකියාව මයික්‍රෝසොෆ්ට් විසින් ලබාදී ඇති අතර භාෂා 18 කින් එහි පහසුකම් ලබාදේ.

Chat පහසුකම හා Skype

ප්‍රධාන වශයෙන්, Microsoft විසින් නවීන සංවාද අත්දැකීමක් සපයයි. කණ්ඩායම් සඳහා දායකත්වය  දක්වන සියලු දෙනා නොකඩවා එම සංවාදය තුල  බැදතැබීමට පූර්ණ පහසුකම් ලබාදේ.  Skype සමගින්ද කණ්ඩායම්වලට හඬ සහ වීඩියෝ සම්මන්ත්‍රණ සඳහා සහභාගී විය හැක. තවද සෑම කෙනෙකුටම ඔවුන්ගේ ඩිජිටල් වැඩ අවකාශය තුළ පෞද්ගලිකත්වය එකතු කළ හැකි, emojis, stickers, GIFs මගින් ඔවුන්ගේ පෞද්ගලිකත්වය එකතු කළ හැකිය.

කණ්ඩායම් වැඩ සඳහා කේන්ද්‍රස්ථානයක්

Word, Excel, PowerPoint, SharePoint, OneNote, Planner, Power BI සහ Delve යන සියල්ල එකම වැඩතලයක් තුළ ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඔබට ලබාදෙනු ලබයි. කණ්ඩායමක් ලෙස වැඩකිරීමේදී  සාමූහිකව එක් ගොනුවක් එක්ව සැකසීමටත් එය බෙදා ගැනීමේ පහසුකම්ද මේ සමග ඔබ වෙත ලැබේ.

කණ්ඩායම් වැඩ තල වෙනස් කරගැනීමේ පහසුකම

එක් එක් කණ්ඩායම් ක්‍රියාත්මක වන වැඩතලයන් ඔවුන්ට රිසි පරිදි වෙනස් ගැනීමේ හැකියාව ලබාදෙනු ලබයි.  එසේම මයික්‍රෝසොෆ්ට් නොවන GitHub, Twitter වැනි සේවාවන් වැඩතලය වෙත ගෙන ඒමටත් අනාගතයේදී Bot Framework එක මගින් වඩා වැඩි සේවාවක් ලබාදෙනු ඇත.

සැබැවින්ම කන්ඩායමක් ලෙස වැඩකිරීම සදහා Teams හැර වෙනත් මෙවැනි පහසුකම් ලබාදෙන සේවාවක් සොයාගත නොහැක.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY