අලුත් විශේෂාංග ගොඩක් එක්ක එන Microsoft Bookings

අලුත් විශේෂාංග ගොඩක් එක්ක එන Microsoft Bookings

4150
1
SHARE

පහුගිය අවුරුද්දේ ජූලි මාසයේ ප්‍රකාශයට පත් කෙරුණු Microsoft Bookings ව්‍යාපාරිකයින්ට නම් ඉතාමත් වැදගත් සේවාවක්. මේ හරහා ඔබගේ ව්‍යාපාරයේ ගණුදෙනුකරුවන් සමඟ appointments යොදා ගන්නත් ඒවා පහසුවෙන් කළමනාකරණය කරගන්නත් පුළුවන්. මේ සේවාව සම්පුර්ණයෙන්ම Office 365 සමඟ integrate කරලයි තියෙන්නේ. මේ සේවාව මුලින්ම අත්විදින්න ලැබුනේ Office 365 Business Premium පැකේජය භාවිතා කරන රටවල් කීපයකට විතරයි. නමුත් ඔන්න දැන් Microsoft Bookings ලොවපුරා සිටින Office 365 Business Premium පරිශීලකයන්ට අත්විදින්න අවස්ථාව ලැබිලා තියෙනවා.

ඔබගේ ව්‍යාපාරයේ පාරිභෝගිකයින්ට Microsoft Bookings web-based interface එක හරහා ව්‍යාපාර වේලාවෙන් පස්සේ උනත් appointment වෙන් කරන්න පුළුවන්. තහවුරු කිරීමේ email පණිවුඩයක් සේවාව මගින් ස්‌වයංක්‍රීයව පාරිභෝගිකයාට යොමු කරන අතර එහි ඇති link එක හරහා appointments කළමනාකරණය කරගන්න පුළුවන්. වෙන් කරගත් appointment එකකට කලින් සිහිකැදවීමේ පණිවිඩයක් ස්‌වයංක්‍රීයව පාරිභෝගිකයාට යොමු කිරීමත් මේ සේවාවෙන් සිදු වෙනවා. වඩා ඵලදායී සේවාවක් සඳහා ඔබගේ Facebook පිටුවත් මේ සමඟ integrate කරගන්න පුළුවන්.

Microsoft සමාගම විසින් තවත් අලුත් විශේෂාංග කිහිපයක් මේ සමග හදුන්වාදී තියෙනවා. Bookings භාවිතා කරන ඔබගේ Office 365 Calendar එක මේ සේවාව සමග සම්බන්ධ කිරීමෙන් ඔබ කාර්යබහුල නොවන වේලාවන් පමණක් public bookings පිටුවේ එක් කරන්න හැකියාව තියෙන අතර appointment එකකට පෙර සහ පසුව යම් වේලාවක් ඔබට public bookings පිටුවෙන් ඉවත් කරන්නත් පුළුවන්.

ඔබ කැමති වර්ණයන් පවා ඔබගේ පහසුව වෙනුවෙන් Microsoft Bookings හිදී භාවිතා කරන්න ඔබට අවස්ථාව තියෙනවා.
Bookings app එක Android සහ iOS සඳහාත් දැන් ලබාගන්න පුළුවන්. app එක හරහා දැනට Bookings Calendar එක බැලීම සහ කළමනාකරණය කිරීම, වෙන් කිරීම් සිදු කිරීම සහ සංස්කරණය කිරීම, පාරිබෝගික වෙන් කිරීම් සඳහා ප්‍රතිචාර දැක්වීම ඇතුළු බොහොමයක් දේවල් කරගන්න පහසුකම් සපයා දී තියෙනවා.

source : Neowin

Comments

comments

1 COMMENT

LEAVE A REPLY