ව්‍යාජ Windows මෙහෙයුම් පද්ධති Windows 10 වලට upgrade කිරීමට අවස්ථාවක් !

ව්‍යාජ Windows මෙහෙයුම් පද්ධති Windows 10 වලට upgrade කිරීමට අවස්ථාවක් !

8852
0
SHARE

මෙම වර්ෂයේ ගිම්හාන සමයේදී (ඉදිරි ජූනි ජූලි අගෝස්තු මාස ඇතුලත) දියත් කිරීමට නියමිත Windows 10 මෙහෙයුම් පද්ධතිය, Microsoft සමාගමේ අවසරයෙන් ලබාගත් Windows 7 හෝ Windows 8.1 මෙහෙයුම් පද්ධති භාවිතා කරන පරිගණක අයිතිකරුවන්ට වසරක කාලයක් සඳහා නොමිලේ භාවිතා කිරීමට හැකිවන බව Microsoft සමාගම විසින් මෙම වසරේ මුල්කාලයේ පවසා සිටියා. එසේම ව්‍යාජ Windows මෙහෙයුම් පද්ධති භාවිතා කරන අයට Windows 10 සඳහා නවීකරණය වීමට අවස්ථාවක් ලබාදෙන බව Microsoft සමාගමේ මෙහෙයුම් පද්ධති අංශයේ ප්‍රධානී, Terry Myerson විසින් මෑතකදී පවසා සිටියා.
ව්‍යාජ Windows මෙහෙයුම් පද්ධති භාවිතා කරන්නන්ට Windows 10 සඳහා නවීකරණය වීමට නොමිලේ අවස්ථාවක් ලබාදෙන බවට Myerson විසින් මාර්තු මාසයේ ප්‍රකාශ කරසිටියත් පසුව සමාගම විසින් එම මතය වෙනස් කරමින් කියා සිටියේ ඔවුන් Windows 10 සඳහා නවීකරණය වූවත් ඔවුන් ව්‍යාජ මෘදුකාංග නිෂ්පාදනයක් භාවිතා කරන ලෙසට සලකන බවයි.
Windows 10 සඳහා නොමිලේ නවීකරණය වීමට ව්‍යාජ Windows මෙහෙයුම් පද්ධති භාවිතා කරන අයට අවස්ථාවක් ලබාදීම යෝග්‍ය නොවන බවට සලකා සිටියත් ඔවුන් සඳහා විශේෂ ලාභදායී නවීකරණ ක්‍රමවේදයක් සලසා දෙන බවට Myerson විසින් මෙසේ පවසා ඇත.
“අපගේ බොහෝ පාරිභෝගිකයන් නොදැනුවත්වම ගොදරු බවට පත්වන බව අප සමාගම හා අපගේ OEM ( Original Equipment Manufacturer) හවුල්කරුවන් විසින් හොඳින් දන්නා කරුණක්. නමුත් මෙම නව Windows 10 මෙහෙයුම් පද්ධතිය සමඟ මෙවැනි දේවලින් අත්මිදී අපගේ සියලුම පාරිභෝගිකයන් අපත් සමඟ එක්වී ඉදිරියට යන බව අපගේ විශ්වාසයි. ව්‍යාජ Windows උපකරණ වලට නොමිලේ Windows 10 වලට නවීකරණය වීමට අප සමාගම විසින් ඉඩ ලබා නොදෙන නමුත් ඔවුන් සඳහා ආකර්ෂණීය Windows 10 නවීකරණ පහසුකමක් ලබාදීමට අපගේ OEM හවුල්කරුවන්ගේ සහභාගීත්වය ඇතිව කටයුතු කිරීමට සැලසුම් කරමින් සිටිනවා.”

එසේම ව්‍යාජ Windows 10 මෙහෙයුම් පද්ධති භාවිතා කරන අයගේ පරිගණක තිරය මත යම් සලකුණක් ප්‍රදර්ශන කරන බවට Myerson මෙසේ පවසා සිටියා.

“අපට Windows මෙහෙයුම් පද්ධතිය නිවැරදි ලෙස ස්ථාපිත කර හෝ අවසරගෙන ඇති බවට සනාථ කර ගැනීමට නොහැකි වුවහොත්, එම පරිගණක තිරය මත එය දැනුම් දෙමින් දිය සලකුණක්(watermark) දිස්වීමට කටයුතු කරනවා. ඔබ අලුතෙන් මිලදී ගත් පරිගණකයක මෙම දිය සලකුණ දිස්වුවහොත් වහාම එය මිලදී ගත් වෙළද ආයතනය වෙත ආපසු ලබාදී අව්‍යාජ Windows උපකරණයක් සඳහා ඉල්ලා සිටින්න. ව්‍යාජ Windows මෙහෙයුම් පද්ධති භාවිතා කිරීමෙන් ඔබගේ පරිගණකයට හානිකර තත්වයක් උදා වීමට ඉහළ අවදානමක් ඇති අතර ඔබගේ පුද්ගලික තොරතුරු නිරාවරණය වීමටද, දුර්වල ක්‍රියාකාරීත්වයක් හා පරිගණකය ක්‍රමවත්ව ක්‍රියාත්මක නොවීමේ ලක්ෂණද හට ගැනීමට පුළුවන්. මේනිසා Microsoft සමාගම හා අපගේ විශ්වාසදායක හවුල්කරුවන් ව්‍යාජ Windows මෙහෙයුම් පද්ධති තරයේ අනුමත නොකරයි.”

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY