Microsoft සමාගම ජංගම දුරකථන, පුද්ගලික පරිගණක බවට හරවයි.

Microsoft සමාගම ජංගම දුරකථන, පුද්ගලික පරිගණක බවට හරවයි.

3098
0
SHARE

පසුගියදා අවසන් වූ Microsoft Build සමුළුවේදී හදුන්වා දුන් වැදගත් තාක්ෂණයක් තමයි මේ Continuum කියන්නේ.මේ මගින් Windows 10 ජංගම දුරකතනයක් පහසුවෙන් පුද්ගලික පරිගණකයක් බවට පත් කරන්න පුළුවන්. මේ සදහා මුලික වෙන්නේ Microsoft Universal Apps. සරලවම කිවහොත් එක application එකක් Windows 10 on phones, PCs, tablets සහ Xbox One කියන උපාංග සියල්ලේම ක්‍රියාත්මක වනවා. පරිගණක මෘදුකාංග තනන්නන්ට මෙය ඉතා පහසුවක්.

ඔබ දුරකථනයෙහි, ජංගම දුරකථන සදහා වූ Excel භාවිත කරන්නේනම්, දුරකථනය වෙනත් Dispaly Device එකක් හා සම්බන්ධ කල විට පරිගණකයන් සදහා වූ Excel සංස්කරණය බවට ස්වයංක්‍රියව පත් වෙනවා.තවද ජංගම දුරකථනය දුරස්ථ පාලකයක් ලෙසින්ද මෙහිදී භාවිතා කරන්නට හැකි වේවි.ජංගම දුරකථන මුහුණත විශාල Display එකකට හෝ රූපවාහිනියකට සුදුසු පරිදි සැකසෙනවා. මෙහිදී Windows 10 Desktop එකක් ලෙසින් පෙනුනත් පරිගණක සදහා වූ සාම්ප්‍රදායික මෘදුකාංග නම් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෙලෙස වෙනත් Display Device එකක් සමග සම්බන්ධ වීමට Miracast තාක්ෂණය හෝ Wired Dock උපාංගයක් යොදා ගන්න පුළුවන්. තවද Dual Screen හැකියාව මගින් විඩියෝවක් දුරස්ථ Display එකක නරඹන ගමන් SMS හෝ Email එකක් වුවද යැවිය හැකිය.
අනාගතයේදී ජංගම දුරකථනය ප්‍රාථමික පරිගණක උපාංගය බවට පත් වේවි.මේ පිළිබද තවත් විස්තර බලාපොරොත්තු වන්න.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY