Microsoft Entra Domain Services vs Active Directory – Cloud Identity Solutions Comparison...

Microsoft Entra Domain Services vs Active Directory – Cloud Identity Solutions Comparison සිංහලෙන්

12
0
SHARE

IT infrastructure cloud කියන්නෙ organizations වලට identity management solutions තෝරා ගැනීම සදහා ඉතා වැදගත් තීරණාත්මක සාධකයක්. On-premises infrastructure, hybrid environments සහ fully cloud environments අතර identity architecture වෙනස් වෙන නිසා වඩාත්ම ගැලපෙන solution එක තෝරාගැනීම project success එකට ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙනවා.

මෙම ලිපියෙන් අපි සංසන්දනය කරන්නේ Active Directory Domain Services, Microsoft Entra ID, සහ Microsoft Entra Domain Services යන identity solutions තුන.


1. Identity Solutions Overview

Active Directory Domain Services (AD DS)

Active Directory Domain Services (AD DS) කියන්නේ traditional enterprise networks තුළ ඉතා වැඩි වශයෙන් භාවිතා වන directory infrastructure එකක්.

Windows Server platform එක මත run වන මෙම service එක network resources centralized ලෙස manage කිරීමට design කරලා තියෙනවා.

AD DS environment එක තුළ administrators: user accounts manage කරනවා, computer objects maintain කරනවා, security policies configure කරනවා, organizational units (OU) structure build කරනවා.

මෙය fully customizable solution එකක්. නමුත් infrastructure maintain කිරීම organization එකේ IT team එකට ති‌බෙන ප්‍රධාන වගකීමක් වෙනවා.


Microsoft Entra ID

What is Entra ID, Entra Domain Services, and Windows AD? - Ciraltos

Microsoft Entra ID cloud-native identity service එකක්.

Modern applications සහ SaaS platforms authentication handle කිරීම සඳහා නිර්මාණය කරලා තියෙන centralized identity platform එකක්.

මෙය organizations වලට පහත සදහන් කරලා තිබෙන ගුණාංග ලබා දෙනවා:

  • cloud applications access management
  • single sign-on experience
  • conditional access policies
  • identity protection mechanisms

Cloud-first environments වල user access management streamline කිරීමට Entra ID widely භාවිතා වෙනවා.


Microsoft Entra Domain Services

Microsoft Entra Domain Services කියන්නේ Azure environment තුළ traditional domain capabilities provide කරන managed service එකක්. On-premises domain infrastructure setup නොකරම organizations වලට domain-based authentication cloud infrastructure තුළ enable කරන්න මෙය උපකාරී වෙනවා.

මෙම service එක particularly useful වෙනවා: domain dependent applications run කරන විට, Azure virtual machines domain integrated environment එකක් අවශ්‍ය වෙද්දී, hybrid identity scenarios manage කරන අවස්ථා වලදි.


2. Identity Solutions Comparison

Identity solutions වල capabilities compare කිරීම organization එකට suitable architecture එකක් design කරන්න help කරනවා.

Feature Entra ID Entra Domain Services AD DS
Domain Join
LDAP Support
Kerberos Authentication
Managed Domain Controllers N/A Yes No

Comparison Insight

Entra ID

  1. Modern authentication platform
  2. SaaS applications integration සඳහා optimized කිරීම

Entra Domain Services

  1. Traditional domain protocols වලට support කිරීම
  2. Azure infrastructure සමඟ integration කිරීම

AD DS

  1. Fully controllable domain infrastructure
  2. On-premises servers maintain කිරීම

3. When to Use Entra Domain Services

Cloud architecture design කරන විට Entra Domain Services සළකා බලන scenarios කිහිපයක් තියෙනවා.


Running Legacy Workloads in the Cloud

Enterprise environments තුළ older applications authentication සඳහා traditional protocols භාවිතා කරනවා. මෙවැනි systems, modern identity platforms සමඟ direct integrate වීම හුගක් වෙලාවට සිද්ධ වෙන්නෙ නැහැ. Entra Domain Services භාවිතා කරලා මේ applications, Azure environment තුළ deploy කරලා run කරන්න පුළුවන්.


Domain-Integrated Virtual Machines

Azure virtual machines domain integrated environment එකක් අවශ්‍ය වෙද්දී managed domain service එකක් useful වෙනවා. මෙම scenario එකේ: machines domain එකට join කරන්න පුළුවන්, authentication centralized වෙන්න පුලුවන්, domain-based policies apply කරන්න පුළුවන්.


Application Migration Projects

Organizations applications cloud environment එකට migrate කරන විට architecture changes minimize කරන්න කැමති වෙනවා.

මෙවැනි migration projects වල: infrastructure redesign කරන එක අවම කරන්න පුළුවන්, existing authentication mechanisms continue කරන්නත් පුළුවන්. මෙම approach එක cloud adoption process එක පුලුවන් තරමි ඉහළ මට්ටමකින් සරළ කරනවා.


Recommended Identity Architecture

Cloud identity architecture design කරන විට identity data flow එක පහත structure එකෙන් represent කරන්න පුළුවන්.

On-Premises Active Directory => Microsoft Entra ID => Microsoft Entra Domain Services => Azure Virtual Machines / Applications

මෙහි identity lifecycle එක මෙහෙම කොටස් වලට වෙන් කරන්න පුලුවන්:

  1. On-premises Active Directory user identities manage කරනවා
  2. Identity data synchronize වෙනවා Microsoft Entra ID වෙත
  3. Entra ID identity information managed domain environment එකට replicate වෙනවා
  4. Azure workloads domain services භාවිතා කර authentication perform කරනවා

මෙම architecture එක hybrid identity model implement කිරීමට සාමාන්‍යයෙන් භාවිතා වෙන design pattern එකක්.


Summary

Modern IT environments තුළ single identity solution එකක් සෑම scenario එකකටම suitable නොවෙන්න පුළුවන්.

Organizations වල infrastructure strategy අනුව AD DS, Entra ID, සහ Entra Domain Services අතර proper combination එකක් භාවිතා කරනවා.

General guideline එකක් ලෙස:

  • AD DS → on-premises domain infrastructure සඳහා
  • Entra ID → cloud-native applications සඳහා
  • Entra Domain Services → legacy workloads cloud environment එකට migrate කරන අවස්ථා වලදි

Correct identity architecture design කිරීම cloud adoption success එකට critical factor එකක් වෙන එක තමයි මේකෙ තිබෙන මූලිකම වැදගත්කම.

අලුත් ලිපියකින් නැවත හමුවෙමු…