Android phone එකේ notifications Windows Phone එකෙන්බලන්නේ කොහොමද?

Android phone එකේ notifications Windows Phone එකෙන්බලන්නේ කොහොමද?

2980
0
SHARE

Android phone එකේ notifications Windows Phone එකෙන් බලන්නේ කොහොමද?

මේ කියන්න යන්නේ ඔයාලට ඉතාම වැදගත් වැඩ පහසුකර ගැනීමේ ක්රමයක් ගැන. මේ ගැන දැන ගත්තට පස්සේ ඔයාලත් මේ ක්රමය අනුගමනය කරයි කියල අපිට හොදටම විශ්වාසයි.
අපි PC එකේ වැඩක් කර කර ඉන්නකොට , සැරින් සැරේට Phone එක vibrate වෙන එක / notification alerts එන එක හරිම කරදරයක් නේද?. phone එක බලන්නයි PC එකේ වැඩයි දෙකක් කරන්න ගියාම, distract වෙලා, efficiency එකත් අඩුවෙන්න පුළුවන්. නමුත් Microsoft මීට හොඳ පිළිතුරක් හොයාගෙන. ඒ තමයි Microsoft Your Phone App එක!. මේ App එකට පුළුවන් දැන් ඔයාගේ Android Phone එකේ notifications PC එකේ පෙන්නන්න. මේ Your Phone app එක දැන් windows භාවිතා කරන අය අතර ජනප්රිය වේමින් පවතිනවා.
මෙමගින් ඔයාගේ phone එකට එන ඕනෙම notification එකක් phone එක අල්ලන්නේ වත් නැතිව manage කරන්න පුළුවන්. එවිට ඔයාගේ වැඩ කටයුතු distract වීමකින් තොරව කර ගෙන යන්න ඔයාට පුළුවන්. ඒ වගේම ඔයාගේ SMS History එකview කරන්න වගේම messages වලට reply කරන්න සහ new texts compose කරන්නත් හැකියාව පවතිනවා. තවත් පැහැදිලි කළොත් ,දැන් twitter , facebook ,messenger හෝ වෙනත් ඕනෑම app එකකින් එන notifications ඔයා PC එකෙන් dismiss කරොත් ඒවා phone එකෙනුත් dismiss වෙනවා. මේක අනිත් අතටත් වෙන්න පුළුවන්. මේ විදියට ඔයාගේ phone එකටයි PC එකටයි එකට වැඩ කරන්න පුළුවන් වෙන්නේ ඔයා ඒ දෙක හරියාකාරව set කරොත් විතරයි.
හරි ! අපි දැන් බලමු වැඩේ කරන්නේ කොහොමද කියලා අදියර දෙකකින්.
1.) Windows 10 computer එක සැකසීම
2.) Android phone එක සැකසීම

මුලින්ම අපි පළවෙනි අදියරට යමු.

1.) Windows 10 computer

(i) මුලින්ම “Your Phone ” app එක ඔයාගේ windows PC එකට install කරගන්න ඕන. ඒක කරන්නේ මෙහෙමයි.
Microsoft store  Your Phone app  install  click the three dot button near ‘Launch’ select “install” option.
(ii) Connection එක සඳහා Computer එක සුදානම් කිරීම.
Open your phone app  click android box  click “Get started” Enter your phone number
• Computer එක prepare කරාට පස්සේ phone එකේ මොනවද කරන්න තියෙන්නේ කියල අපි දැන් බලමු.

2.) Android Phone
(i) දැන් your phone companian app එක phone එකට install කරන්න ඕන. Microsoft එකෙන් ඒකට ලින්ක් එකක් එවනවා text message එකක් විදියට. ඒ නැතත් ඔයාට පුළුවන් Play Store ගිහින් app එක search කරන්නත්.
(ii) ඊට පස්සේ මේ පියවර අනුගමනය කරන්න.
Open the Your Phone Companian app tap “Sign in with Microsoft” enter your Microsoft credentials (සැ.යු : computer එකේදී your phone app එකට භාවිතා කළ account එකම මෙහිදී use කරන්න ඕන.)
(iii)App එක ඉල්ලන permission ටික දුන්නට පස්සේ “My PC is Ready”කියලා එනවා. ඊට පස්සේ connection එක “allow” කරන්න ඕන.

• ඔන්න දැන් ඔයා connection එක හදල ඉවරයි. දැන් තියෙන්නේ notifications බලන part එක. ඒ සඳහා phone එකේ system settings ගිහින් “Notification Access ” option එක select කරන්න.

• your phone companion app එක activate කරන්න. ඊට පස්සේ එන confirmation window එක “allow” කරන්න. දැන් ඔයාගේ computer එකේ your phone app එකට ගිහින් screen එකේ වම් පැත්තේ තියෙන notification ටැබ් එක click කරලා,”Get started ” දෙන්න.

• හරි! දැන් ඔයා ඔයාගේ phone එකේ settings manually adjust කරලා ඉවරයි. ඒ වගේම ඕනේ නම් ඔයාට පුළුවන් phone එකේ සමහර apps වල notifications selectively mute කරන්නත්.කරන්න තියෙන්නේ පොඩි දෙයක්! PC your phone app notifications tab customize command

දැන් ඔයා මේ ගැන දැන ගත යුතු මුලික දේවල් දන්නවා . ඒ නිසා try කරලා බලන්න . ඔයාට මේක ගොඩක් වැදගත් වේවි කියල අපි හිතනවා.

Source: https://www.theverge.com/2019/7/30/20732217/how-to-check-android-phone-windows-pc-notifications

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY