ATM යන්ත්‍ර වලටත් Windows 10

ATM යන්ත්‍ර වලටත් Windows 10

2586
1
SHARE

ATM Industry Association (ATMIA) හි නව නිර්දේශ වලට අනුව පරණ Windows Versions ධාවනය වන ATM Machines, පැමිණි විගස Windows 8 මග හැර Windows 10 වලට මාරු වන බව වාර්තා වෙනවා. මිලියන ගණනක් වූ ATM machines එකවර Windows 10 වලට upgrade කිරීම ලේසි වැඩක් නෙමෙයි. එම නිසා ATMIA මගින් දැනටමත් වෙළෙන්දන්ට position paper එකක් නිකුත් කරලා තිබෙනවා,Windows 10 පැමිණි වහාම upgrade කිරීම අරඹන්නට.

දැනට පවතින ATM Machines වල Windows XP, 7 සහ CE Install කරලා තිබෙනවා. කෙසේවෙතත් දැනට XP install කරලා තිබෙන ATM machines වලට Windows 10 පැමිණෙන තෙක් බලා සිටීම අවදානම් සහගත නිසා Windows 7 install කරන ලෙසට දැනුම් දී තිබෙනවා.
තවම ATM machines වලින් 95% ධාවනය වන්නේ Windows XP වීම විශේෂත්වයක්. මේ අතර Linux හෝ Android සදහා සහය දක්වන නව ATM architecture එකක් පිළිබඳව ATMIA සොයා බලමින් සිටින බවද වාර්තා වෙනවා.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY