දින දෙකකින් යුත් Microsoft Game Jam වැඩසටහන

දින දෙකකින් යුත් Microsoft Game Jam වැඩසටහන

2763
2
SHARE

දින දෙකකින් යුත් Game Jam වැඩසටහන පැවැත්වෙන්න තිබ්බේ මැයි මාසේ  16 හා 17 කියන දින දෙකපුරා නවම් මාවතේ පිහිටි Microsoft Officeඑකේදී.ඒත් යම්කිසි හේතුවක් නිසා වැඩසටහන මැයි මස 30 හා 31 දිනයන් දක්වා කල්ගියා.

මැයි මාසේ 30 හා 31 දෙදින පුරා පැවත්වූ මේ වැඩසටහනට සහභාගීවෙන්න මටත් අවස්ථාවක් ලැබුණා.මේ Game Jam වැඩසටහන පුරාවටම ඉතා වැදගත් දේශන විශාල ප්‍රමාණයක් තිබුණා.මේ වැඩසටහනේ ඇතුලත් වුන ප්‍රධාන මාතෘකා 2ක් තමයි නවතම Windows 10 මෙහෙයුම් පද්ධතිය හා Developing Games for Windows 10.

මුලින් තිබ්බ Sessions වලදී වැඩියෙන් ආවරණය වුනේ Windows 10 හා ඒ සමග එන නව Features පිළිබඳව, මේ Session එක මෙහෙයවුවේ දිලීප රාජපක්ෂ. ඊට පස්සේ තිබ්බේ සුරත් ජයතිලක මෙහෙයවපු Visual Studio 2015 RC Tools සහ Windows 10 SDK පිළිබඳව වූ Session එක.

ඊළඟ Session එක Universal Application Development පිළිබඳව මේ Session එක ටිකක් Coding පැත්තට බර එකක් වුණා.ඒක කලේ .NET සඳහා MVP(Most Valuable Professional) කෙනෙක්වන ජාලිය උඩගෙදර.ආයිත් වැඩසටහන පටන්ගත්තෙ දහවල් ආහාරයෙන් පස්සේ.

MVVM (ModelView View Model )පිළිබඳව වුන Session එක ටිකක් වේගවත් වුන හින්දා සමහර අයට සමහර තැන් මගහැරුණා.ඒත් ඒ හැම වෙලාවකම මේ Session එක කරපු සචිර ජයසංඛ ඒ ප්‍රශ්ණ වලට පිළිතුරුදෙන්න අමතක කලේ නැහැ.

මාලින් ද සිල්වා කරපු Device Sensors පිලිබඳ Session එකත් සහභාගීවෙලා හිටපු අය හොඳට අවදානය යොමුකරලා අහගෙන හිටියා.ඒ වගේම පොඩි පොඩි උදාහරණ කිහිපයකුත් කලා.

පළමු දිනය අවසාන වුනේ දිලීප රාජපක්ෂ කරපු Windows 10 වල අලුත්ම Design Language එක හා එහි User Experience & User Interface Designing පිළිබඳව වූ Session එකෙන්.

දෙවන දවසටත් පළමු දින තරම්ම පිරිසක් සහභාගීවුනා.දෙවනි දවසේ සම්පූර්ණ වැඩසටහන මෙහෙයවූවේ උදිත සම්පත් බන්ඩාර ,(XNA Game Development පිළිබඳ MVP කෙනෙක්) දෙවනි දවසේ Windows 10 Game Tools පිළිබඳව හා Unity 3D පිළිබඳව කතාකලා වගේම අන්තිමේදි පොඩි Game එකක් හදන්නත් මූලික දේවල් කියලාදුන්නා.

මේ වැඩසටහන පුරාවට විවිධ Software අවශ්‍යවුනා ඒත් ඒවා Install කරන්න වෙලාවක් ගියේ නැහැ කලින් දීලා තිබ්බ Virtual Hard එක නිසා.ඒ Virtual Hard එකේ මේ දින දෙකට අවශ්‍ය සියළුවම Software( Windows 10, Visual Studio 2015 RC,Unity,Mono game, Cocos 2DX) Install කරලමයි තිබ්බේ.ඒත් සමහර අයට ඒවායේ ආපු ප්‍රශ්ණවලදී MSP(Microsoft Student Partner) ලාගෙන් ලැබුණු සහයෝගයත් ගොඩාක් වටිනවා.

ඒ වගේම අන්තිමේදි සහභාගී වුන අයට ගෙදර වැඩත් දීලා තමයි වැඩසටහන ඉවර කලේ.මේක ගෙදර වැඩක් කිව්වට පොඩි තරඟයක්. Game එකක් හදලා Submit කරන්න තමයි තියෙන්නේ.ඒ අතරින් තෝරාගන්න තුන්දෙනෙකුට 128GB ධාරිතාවයක් තියෙන Pen Drive 3ක් ලැබෙනවා.ඒ වගේම අනිත් Game Submit කරන හැම කෙනාටමත් 32GB Pen Drive ලබාදෙන්න පොරොන්දුවුනා. ඒත් සමග Microsoft Game Jam වැඩසටහන නිමාව දුටුවා.

ඒ වගේම හැමදාම  වගේ කෑම බීම වලින්නම් අඩුපාඩුවක් වුනේ නැහැ 😀

පහල තියෙනේ Game Jam එකේ Photo Album එක.

Comments

comments

2 COMMENTS

LEAVE A REPLY