Microsoft Azure එක පෙළට – 1

Microsoft Azure එක පෙළට – 1

2227
0
SHARE

Microsoft Azure කියන්නේ Microsoft ආයතනය සතු වුනු ඔවුන්ගේ Cloud Computing service එක. Cloud computing concept එක කරලියට ආවේ මිට වසර ගණනකට කලින් internet එක හරහා දත්ත access කරන්න වගේම ගබඩා කරන්නත් පුළුවන් කියන සංකල්පය පැමිණීමෙන් පස්සේ. Cloud Computing වල architecture එක ප්‍රධාන components 4ක් හරහා විහිදෙනවා.

  • Front end device – සාමාන්‍ය user කෙනෙක් දත්ත access කරන්න පාවිච්චි කරන්නේ මේ කොටස
  • Back end platform – computers, servers හා virtual machines අයත් වෙන්නේ මේ කොටසට
  • Cloud based delivery
  • Network

Cloud වර්ග ගැන කිවොත් ප්‍රධාන තුනක් තිබෙනවා. Public, Private සහ Hybrid.

Public cloud එකක් කියන්නේ පොදුවේ භාවිත කරන්න ලබා දීලා තිබෙන cloud එකක්. මේ clouds access කරන කෙනෙක්ට අන්තර්ජාලය හරහා මේවා භාවිත කරන්න පුළුවන්. මේවගේ infrastructure එක maintain කරන්නේ Google හා Microsoft වගේ service providersලා විසින්. Private Cloud ගැන කතා කලොත් මේවා යම් විශේෂිත ආයතනයක් හෝ පිරිසක් වෙනුවෙන් වෙන් කරන ලද clouds. මේ clouds පාවිච්චි කරලා ඔවුන් store කරනවා company data සහ ඔවුන්ගේ applications ඒ තුල. මොකද public cloud එකක් සමාජයට විවෘත වැඩි නිසා. මේ වගේ cloud එකක් maintain කරන්නේ හුඟක් වෙලාවට අදාල ආයතනය විසින්මයි. නමුත් මේ අවස්ථාව third party එකක් වෙත වුනත් යොමු වෙන්න පුළුවන්. Hybrid cloud එකකදී public හා private cloud දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක් එකතු වීමෙන් නිර්මාණය වෙන්නේ. හුඟක් ආයතන සතු දත්ත sensitive data සහ non-sensitive data කියන ප්‍රධාන කොටස් දෙකකට කඩන්න පුළුවන්. ඔවුන් private හා public cloud පිළිවෙලින් භාවිත කරනවා තමන්ගේ දත්ත ගබඩා කරන්න. හුඟක් වෙලාවට මේ විදිහේ hybrid clouds කියන්නේ සැහෙන හොඳ මට්ටමේ cost effective solution එකක්.

SPI කියන්නේ මොකක්ද

SPI තවත් විදිහකට කිවුවොත් Software Platform Infrastructure. Cloud හරහා ඔබ පාවිච්චි කරන cloud services භාවිත කරන ආකාරය පැහැදිලි කිරීමක් මේකෙන් වෙන්නේ. මේකේ ප්‍රධාන models 3ක් තිබෙනවා. SaaS , PaaS හා IaaS. SaaS – Software as a Service එකේදී service provider විසින් ලබාදෙනවා hardware infrastructure එක සහ software. Desktop හෝ Remote application එකක host කරලා තිබෙන web interface එකක් හරහා  තමයි මේ model එකේදී applications run වෙන්නේ. මේකට හොඳම උදාහරණයක් වෙන්නේ Gmail සහ Yahoo වගේ Emails.  PaaS – Platform as a Service model එකේදී මේක cloud platform එකක් විදිහට සහය දෙනවා developersලට ඔවුන්ගේ software solutions develop කරන්න සහ deploy කරන්න. මෙහෙම කියද්දීම ඔබට මතක් වෙන උදාහරණය වෙන්නේ Microsoft Azure. තුන්වෙනි model එක වුනු IaaS කියන්නේ Infrastructure as  a service . මේක කලින් දෙකටම වැඩිය වෙනස්. මේකෙදි service provider software එකක් issue කරන්නෙත් නැහැ. platform එකක් දෙන්නෙත් නැහැ. ඒ වෙනුවට කරන්නේ වැඩ වලට අවශ්‍ය infrastructure එහෙමත් නැත්නම් යටිතල පහසුකම් ලබාදෙන එක. ඒ කියන්නේ computers, storage එක network උපාංග වගේ දේවල්. Amazon S3 ගැන ඔබ දන්නවනම් ඔබට වැටහේවි මම මේ කියන දේ ගැන.

මීළඟ ලිපියෙන් කතා කරන්නම් Azure ඇත්තටම PaaS එකක්ද නැත්නම් IaaS එකක්ද කියන දේ. ඒ එක එක model වලට තියෙන වාසි අවාසි ගැන කතා කරමු.

නැවත හමුවෙමු…

Source: https://www.tutorialspoint.com/microsoft_azure/cloud_computing_overview.htm

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY