Azure Monitor

Azure Monitor

813
0
SHARE

අපි භාවිතා කරන එහෙම නැත්නම් නිර්මාණය කරපු මෘදුකාංග වල ක්‍රියාකාරිත්වය විශ්ලේෂණය කිරීම අනිවාර්යෙන්ම කල යුතු දෙයක් වෙනවා. බොහොමයක් ආයතන මගින් තමන්ගේ මෘදුකාංග වල ක්‍රියාකාරීත්වය මේ විදියට නිරික්ෂනය කරන්න විවිධ වර්ගයේ තවත් මෘදුකාංග යොදාගන්නවා. නමුත් මේ ක්‍රියාවලියේ , නිරීක්ෂණයේ සාර්ථකත්වය රඳා පවතින්නේ මේ විදියට භාවිතා කරන මෘදුකාංග වල හැකියාව මතයි. මේ ලිපියෙන් ඉදිරිපත් කරන්නේ නැත්නම් කතා කරන්නේ වඩාත් සාර්ථක විදියට නිරීක්ෂණ කටයුතු කරන්න යොදාගන්න පුළුවන් Azure සේවාවක් පිළිබඳවයි. ඒ තමයි Azure Monitor සේවාව.

Azure Monitor

Azure Monitor මගින් ඔබේ application එකට අදාළ දත්ත එක්රැස් කිරීම සහ දත්ත විශ්ලේෂණය කිරීම මගින් application එකෙහි ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කරනු ලබනවා. මෙහි ප්‍රථිපලයක් ලෙස application එකට අදාළ ගැටළු සහ ඒවාට යෙදිය යුතු විසඳුම් ද ඔබට වඩාත් ඉක්මනින් සහ පහසුවෙන් දැනගැනීමට හැකිවෙනවා. cloud හි හෝ on-premises ක්‍රියාත්මක වන ඕනෑම application එකක performance එක වඩාත් නිවැරදිව නිරීක්ෂණය කිරීමේ හැකියාව මෙමගින් ඔබට ලැබෙනවා.

පහත දක්වා ඇති diagram එක මගින් Azure Monitor හි high-level structure එක ඔබට දැනගන්න පුළුවන්. මෙහිදී Azure Monitor හි භාවිතා වන ප්‍රධානම දත්ත වර්ග දෙකක් වනුයේ metrics සහ logs. රුපයේ වම පසින් දැක්වෙන්නේ මෙම දත්ත ලබාගන්නා මුලික ආකාරයි. දකුණු පසින් දැක්වෙන්නේ මේ ආකාරයට ලබාගන්නා දත්ත, Azure Monitor මගින් භාවිතා කරන, විශ්ලේෂණය කරන ආකාරයි.

Azure Monitor මගින් දත්ත එක්රැස් කරගත හැකි ආකාර එහෙම නැත්නම් data sources විශාල ප්‍රමාණයක් තිබෙනවා.මෙය මුලිකවම monitor කරන application එක මත රඳා පවතිනවා. application එකට අවශ්‍ය වන operating system හෝ වෙනත් platforms හෝ ඕනෑම දෙයක් මගින් අවශ්‍ය දත්ත ලබාගැනීමේ හැකියාව Azure Monitor සතුවෙනවා. මේ ආකරයට Azure Monitor මගින් රැස් කරන දත්ත ප්‍රධාන ආකාර කිහිපයක් පහතින් දක්වා තිබෙනවා.

  • Application monitoring data: application එකට අඩාල code එකෙහි performance සහ functionality වලට අදාළ වන දත්ත.
  • Guest OS monitoring data: application එක ක්‍රියාත්මක වන operating system එක පිලිබඳ දත්ත.
  • Azure resource monitoring data: application එක සඳහා භාවිතා වන Azure resources පිලිබඳ දත්ත.
  • Azure subscription monitoring data: Azure subscription පිලිබඳ දත්ත සහ Azure හි ප්‍රධාන දත්ත
  • Azure tenant monitoring data: Azure Active Directory වැනි tenant-level Azure services හි ක්‍රියාකාරීත්වය පිලිබඳ දත්ත

මේ ආකාරයට එක්රැස් කරගත් දත්ත ප්‍රධාන දත්ත වර්ග වන metrics සහ logs දෙකට වෙන්කරගනු ලබනවා. මෙහිදී යම් කාල පරාසයක් තුල system එකෙහි ක්‍රියාකාරීත්වය ට අදාළ සංක්‍යමය දත්ත metrics ලෙසත් , විවිධාකාරයෙන් රැස් කෙරුණු දත්ත සුදුසු පරිදි records විදියට සැකසීමෙන් පසු logs වලටත් වෙන් කරනු ලබනවා.

බොහෝ අවස්ථාවල application එකක් හෝ system එකක් සඳහා භාවිතා වන අනෙකුත් platforms , operating systems හා අනෙකුත් services මගින් ඉටු කරන්නේ ප්‍රධාන සහ වැදගත් කාර්යයක්. නමුත් මේ සියල්ලම තුලින් ඊට අදාළ ගැටළු මතුවෙන්න හකුයව තිබෙනවා, එම නිසා මෙවැනි ප්‍රධාන සේවාවන් වෙන් වෙන් වශයෙන් නිරීක්ෂණය කිරීමට හැකිනම් වඩාත් ඉක්මනින් ගැටළු හඳුනාගෙන ඒවාට පිළියම් දීම කල හැකිවෙනවා. Azure මගින් මේ සුවිශේෂ පහසුකම ලබාදෙන අතර ප්‍රධාන කොටස් 3කට යටත්ව මේ නිරීක්ෂණ කටයුතු සිදු කිරීමට ඔබට හැකියාව තිබෙනවා.

  1. Application Insights
  2. Container Insights
  3. VM Insights

Application Insights

Azure Monitor හි වැදගත් feature එකක් වන Application Insights, කියන්නේ extensible Application Performance Management (APM) service එකක් වෙනවා. මෙමගින් ඔබට live applications monitor කිරීමේ හැකියාව ලැබෙනවා.

Application Insights මගින් පහත දක්වා ඇති දේවල් නිරීක්ෂණය කිරීම සිදු කෙරෙනවා.

  • Request rates, response times, and failure rates
  • Dependency rates, response times, and failure rates
  • Exceptions
  • Page views and load performance
  • AJAX calls
  • User and session counts
  • Performance counters
  • Host diagnostics
  • Diagnostic trace logs
  • Custom events and metrics

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY