SHARE

සාමාන්‍යයෙන් Bing සඳහා TV වෙළඳ දැන්වීම් පල නොකලත්,අළුතෙන් Bing පිළිබඳ විනාඩි තුනක Video එකක් YouTube එකට නිකුත්කරලා තියෙනවා.ඒ වගේම මේ Video එක Bing සඳහා වූ Promotion Video පෙළ අතර හොඳම Video එක කියලා කියන්නත් පුළුවන්.ඒ වගේම මේ Video එක සමහර විට ඔයාගේ ඇස අගට කඳුළු ගේන්නත් ඉඩ තියෙනවා.

ඒ වගේම මේ Video එක වෙළඳ දැන්වීමකුත් නොවේ.මොකද මේ ආකාරයට එහි Description එකේ සඳහන්වෙනවා.මීට ටික කාලෙකට කලින් Bing උපන්දිනය සැමරුවා.මේ Video එක Bing සමග වැඩකරන වියළුම දෙනාටයි.

මේ Video එකේ නම තමයි “Three Generations” කියන්නේ. මේ Video එක පටන්ගන්නේ ගෑනු කෙනෙක් තමන්ගේ පියාට Skype එකෙන් Chat කර කර ඉන්න රූපරාමු පෙළකින්.ඇයගේ යුධ හමුදා සේවයේ යෙදෙන සැමියා මාස 12කට සේවයට පිටත්වෙලා.ඒ දවසෙම ඇය දැනගෙන ඇයට දරුවෙකු ගැබ්ගෙන ඇතිබව.ඒ බව පියාට දැනුම්දීමත්  සමග පියා ඇයට උදව් කිරීමට  ඈ වෙත පැමිනෙනවා.මේ Video එක පුරාවට Microsoft නිෂ්පාදන ජීවිතය සමග රැඳී ඉන්න ආකාරය මේ Video එකේ තියෙනවා.

Comments

comments

2 COMMENTS

LEAVE A REPLY