NASA සමාගම Holo Lens එකෙහි ව්‍යාපාර හවුල්කරුවෙක් බව ජනවාරි මාසයේදී පැවති Windows 10 හදුන්වා දීමේ අවස්ථාවේදී ප්‍රකාශයට පත් කළා. ඒ වාගේම පසුගිය සතියේ ඔවුන් නිවේදනය කළා එම උපාංගයක් අභ්‍යවකාශ ගත කරන්නට යන බව. එය නිල නිවේදනයෙහි පහත ලෙස දැක්වුනි.
Sidekick uses Microsoft HoloLens to provide virtual aid to astronauts working off the Earth, for the Earth. A pair of the devices is scheduled to launch on SpaceX’s seventh commercial resupply mission to the station on June 28
මෙම උපාංගය අභ්‍යවකාශ ගත කරන්නට යොදා ගැනුනේ Falcon 9 කියන රොකට්ටුවයි. නමුත් එම රොකට්ටුව අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට නම් කිසිදා ළඟා වුනේ නැහැ. මන්දයත් එය දියත් කිරීමේදී විනාශ වී යාමයි. මේ පිළිබඳව මයික්‍රොසොෆ්ට් ආයතනයෙහි ප්‍රධාන විධායක නිලධාරීවරයා අදහස් දක්වා තිබුනේ මෙලෙසින්,
Space is hard… @NASA we're with you and ready to try again!
— Satya Nadella (@satyanadella) June 28, 2015
මේ SpaceX CRS-7 Falcon 9 රොකට්ටුව ෆ්ලොරිඩාහි Cape Canaveral ගුවන් හමුදා සේවා ස්ථානයෙන් පසුගිය ඉරිදා දින පිටත් වී තිබෙනවා. මෙය තවත් පවුම් 1500 ක ආහාර සහ වෙනත් ද්‍රව්‍යය වලින් සමන්විතව තිබෙනවා. අවාසනාවන්ත ලෙස දියත් කර මිනිත්තු 2 යි තත්පර 14 කදී මෙය පුපුරා ගොස් තිබෙනවා. NASA හි සන්නිවේදන පරිපාලන නිලධාරියෙකු මේ සම්බන්ධව කණගාටුව ප්‍රකාශ කර තිබුනේ මෙලෙසින්.
We are disappointed in the loss of the latest SpaceX cargo resupply mission to the International Space Station
කෙසේවෙතත් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දැනට සිටින ගඟනගාමීන්ට ඉදිරි මාස කිහිපය සඳහා අවශ්‍යය ද්‍රව්‍යය පවතින බවත් NASA ආයතනය දැනටමත් SpaceX සමඟ එක් වී සිදු වුයේ කුමක්ද යන්න පිළිබඳව සොයා බලමින් සිටින අතර නුදුරේදීම නැවතත් අභ්‍යවකාශ ගත කිරීමකට සුදානම් වන බවද වාර්තා වෙනවා.
ඔබ තවමත් HoloLens එක ගැන දැනුවත් නැත්නම් මේ ලිපිය කියවන්න.
[…] […]