චෙස් ක්‍රීඩක Carlsenගෙන් Microsoft සමාගමට ඉල්ලීමක්!

චෙස් ක්‍රීඩක Carlsenගෙන් Microsoft සමාගමට ඉල්ලීමක්!

1716
0
SHARE

තව දින 4කින් නිව් යෝර්ක් නගරයේදී ලෝක චෙස් ශූරතා තරඟාවලිය පැවැත්වීමට නියමිතයි. මේ සඳහා තරඟ වදින ප්‍රභලම තරඟකරු තමයි ගියවර මෙම ශූරතාවය දිනාගත් නෝර්වේජියානු Magnus Carlsen. මොහුත් එක්ක කරට කර තරඟ වදින රුසියානු ජනපති Vladimir Putinගේ ප්‍රියතම Sergey Karjakin, Carlsen ට තර්ජන්යක් වෙලා. ඒ රුසියානු hackersලාගෙන් තම පරිගනකය ආරක්ෂා කරගැනීමට සිදු වීමයි. ඔවුන් තමගේ රහසිගත ක්‍රීඩා විලාෂය අධ්‍යයනය කරන්න පුළුවන් කියා නොර්වේ හි Microsoft සමාගමට දැනුම් දුන්නා.

“ඒ මොහොතේ ඇති වන වික්ෂිප්තය ඉතා වටිනවා චෙස් ක්‍රීඩාවේදී. එම් නිසා අවසන් තරඟයට පෙර සූදානම රහසිගතව සිද්ධ වෙන්න ඕනේ.ලෝක ශූරතාවයකට සූදානම් වෙද්දි කරන්න බොහෝ දේවල් තියනවා. හොඳ විශ්ලේෂණයක්, උපක්ක්‍රමශීලි සැලැස්මක් සහ ගණතමය චින්තනයක් එක්ක කරන ක්‍රීඩාවක්. ඉතිං තරඟයට පෙර අවසන් මාස කිහිපය ලොකු සූදානමක් හා අධික වැඩ කොටසක් එක්ක තමයි ගෙවෙන්නේ” නෝර්වේහි Microsoft සමාගමේ Vibeke Hansen පවසයි.
ඔහුගේ ප්‍රතිවාදී Sergey Karjakin දැඩි දේශ්ප්‍රේමියෙක් නිසාම රුසියානු ජනපතිගේ හිත දිනාගෙන ඉන්නවා. මේ අතරම Microsoft සමාගමට වාර්තා වෙනවා රුසියානු hackersලා ටිකක් තෝරාගත් පරිගනක කිහිපයකට “spear phishing” attack එක කර ඇති බවයි. එය වැඩි වශයෙන් භාවිතා නොවන අතර තාමත් විසඳුමක් හොයාගෙන නැති තත්වයක්. Carlsen ඇත්තටම මෙයට ඉලක්ක වෙලානම් එයා සොයා ගන්නා බවත්, Carlsenට ඉතා ආරක්ෂිත පරිසරයක පුහූණුවීම් කරගෙන යා හැකි බවත් නෝර්වේ හි Microsoft සමාගම පවසයි.
තරඟය 2016 නොවැම්බර් මස 11 වෙනිදා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා තාක්ශණ ලෝකයේ ප්‍රභලයෝ දෙන්නෙක් වන Bill Gates සහ Mark Zuckerberg සහභාගී වීමට නියමතයි.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY