Cloud Service Types- IaaS, PaaS, SaaS

Cloud Service Types- IaaS, PaaS, SaaS

1085
0
SHARE

cloud service types සහ එක් එක් වර්ගයෙහි වාසී පිළිබඳව මෙම ලිපියෙන් සවිස්තරාත්මකව දැනගනිමු. ප්‍රධාන වශයෙන්ම cloud service types 3ක් තිබෙනවා. ඒවා නම්,

  1. Infrastructure as a Service (IaaS)
  2. Platform as a Service (PaaS)
  3. Software as a Service (SaaS)

Infrastructure as a Service

cloud service types අතරින් වඩාත්ම flexible type එක ලෙස Infrastructure as a Service හඳුන්වන්න පුළුවන්.මෙයට ප්‍රධානම හේතුව තමයි එමගින් ඔබට ලබාදෙන cloud resources controllability එක වඩාත් ඉහල වීමයි.IaaS model එකකදී එයට අදාල hardware maintain කිරීම, network connectivity එක සහ physical security පිලිබඳ වගකීම cloud provider වෙත පැවරෙනවා, එනම් ඔබට මේ කාරණා පිලිබඳ කරදර වීම කිසිසේත්ම අවශ්‍ය වන්නේ නැහැ.නමුත් මෙයට අමතරව අවශ්‍ය වන operating system installation, configuration, and maintenance; network configuration; database and storage configuration වැනි අනෙකුත් කාරණා පිළිබඳව වගකීම ඔබට පැවරෙනවා.
සරලවම IaaS හිදී ඔබ කරන්නේ අවශ්‍ය වන hardware , cloud datacenter එකකින් rent කිරීමයි.

Platform as a Service

datacenter එකකින් එහි hardware rent කිරීම සහ fully functioning software solution එකක් වෙනුවෙන් pay කිරීම යන අවස්ථා දෙකෙහි අතරමැදි අවස්ථාවක් තමයි Platform as a Service කියන්නේ.සරලවම Iaas සහ Saas අතර තමයි Paas පවතින්නේ.මෙහිදී cloud provider මගින් physical infrastructure, physical security maintain කිරීම සහ ඒවාට අදාල internet connection ලබාදීම සිදු කෙරෙනවා. මෙයට අමතරව operating systems, middleware, development tools, සහ business intelligence services maintain කිරීම ද සිදු කෙරේ.

PaaS ,මගින් ඔබට අවශ්‍ය සම්පුර්ණ development environment එක පිලිබඳ වගකීම cloud provider වෙත පැවරේ.

Software as a Service

Software as a service (SaaS) යනු වඩාත් සරලවම fully developed application එකක් rent කිරීම හා සමාන වේ. Email, financial software, messaging applications, සහ connectivity software සියල්ලම SaaS implementation හි උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්.

නමුත් මෙවැනි SaaS implementation හි flexibility එක ඉතාමත් අඩුයි වුනත් භාවිතා කිරීම ඉතාමත්ම පහසු වේ.

පහතින් දැක්වෙන Shared responsibility model එක මගින් මෙම එක් එක් cloud service types මගින් ඔබට සහ cloud provider වෙත පැවරුණු වගකීම් පැහැදිලිව හඳුනාගත හැක.

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY