Cloud computing benefits ගැන හරියටම දැනගන්න

Cloud computing benefits ගැන හරියටම දැනගන්න

1418
0
SHARE

cloud computing කියන්නේ මේ වනවිට බොහෝ දෙනෙක් දන්නා field එකක් වගේම බොහොම දෙනෙක් භාවිතා කරන දෙයක්. නමුත් මේ cloud computing වල මොකද්ද තියෙන විශේෂත්වය එහෙම නැත්නම් අපිට මොනවද ලැබෙන වාසී කියලා හරියටම දැනගෙන ඉන්න එක වඩාත් වැදගත් වෙනවා. ඉතින් අද ලිපියෙන් කතා කරන්නේ මෙන්න මේ කාරණාවයි. cloud computing වලින් අපිට ලැබෙන වාසී මොනවද කියන එක කොටස් කිහිපයක් යටතේ වර්ග කරන්න පුළුවන්. ඒවා නම්,

  • High availability and scalability in the cloud
  • Reliability and predictability in the cloud
  • Security and governance in the cloud
  • Manageability in the cloud

මේ එකින් එකට අදාල වාසී මොනවාද යන්න සවිස්තරාත්මකව දැනගනිමු.

ඉහළ ලබා ගැනීමේ හැකියාව- High availability

Applicationඑකක් service එකක් හෝ මොනයම් හෝ IT resources එකක් deploy කරද්දී සලකා බැලිය යුතු සහ අවධානය යොමු කල යුතු ප්‍රධාන කාරණාවක් තමයි මෙහි availability එක. මොකද කිසියම් ආකාරයකින් අපේ application එක අවශ්‍ය විදියට වැඩ කරන්නේ නැත්නම් ඒ කියන්නේ application එකට අවශ්‍ය capacity එක , available නැතිනම් application එක success වෙන්නේ නැහැ. ඒ වගේම වෙනත් වෙනත් disruptions මගින් අපේ application එකට බලපෑමක් වෙනවා නම් අපට අවශ්‍ය කාර්යය ඉටු වෙන්නේ නැහැ. මෙන්න මේ හේතු නිසා application availability එක වඩාත් වැදගත් වෙනවා. ඉතින් මේ ගැටළු මගහරවා ගන්න අපිට පහසුවෙන්ම cloud computing මගින් හැකියාව තිබෙනවා, විවිධ ච්ලොඋඩ් computing service providers ලා අතර Azure මගින් ලබාදෙන සේවාවන්හි පහසුව සහ විශේෂත්වය නිසා application එකට අදාළ නිසි වටිනාකම ලබාගැනීමේ හැකියාව තිබෙනවා. මේ highly available cloud environment එක Azure හි service-level agreements (SLAs) වලම කොටසක් වෙනවා. පහත වීඩියෝව මගින් මේ පිලිබඳ ඔබට තහවුරු කරගත හැකියි.

පරිමාණය – Scalability

Scalability එක කියන්නේ සරලවම, ඉල්ලුම සපුරාලීම සඳහා සම්පත් සකස් කිරීමේ හැකියාවයි. මෙය වඩාත්ම වැදගත් වෙන අවස්ථාවක් තමයි යම්කිසි වෙලාවක application එක peak traffic එකකට ඇවිත් මුලින් අවශ්‍ය වුනු ප්‍රමාණයට වැඩ resources සහ services අවශ්‍ය වෙන්න පුළුවන්, මෙවැනි අවස්ථාවකදී අවශ්‍ය ඉල්ලුම සපුරාලීමට හැකියාවක් තිබිය යුතුයි, එසේ නැත්නම් application එක බිඳ වැටීමටත් හැකියාව තිබෙනවා. මෙන්න මේ ගැටලුවට විසඳුමක් ලෙස අපිට භාවිතා කරන්න පුළුවන් scaling types දෙකක් තමයි vertical scaling සහ horizontal scaling කියන්නේ.

Vertical Scaling

Resources වල capability එක අඩු හෝ වැඩි කිරීම මෙහිදී සිදු කෙරේ. උදාහරණයක් වශයෙන් processing power එක වැඩියෙන් අවශ්‍ය නම් ඒ සඳහා CPUs හෝ RAM ප්‍රමාණයක් virtual machine එකට add කිරීම කල හැක.

Horizontal scaling

අවශ්‍ය resources ප්‍රමාණය ඉක්මවා යාමක් සිදුවහොත් එය පාලනය කිරීමට තවත් resources එක් කිරීම මෙහිදී සිදු කෙරේ. උදාහරණයක් වශයෙන් යම් application එකකට high demand එකක් අවොත් තවත් virtual machines හෝ containers එක් කිරීම කල හැක.

විශ්වසනීයත්වය – Reliability

යම්කිසි අවස්ථාවක system එක බිඳ වැටුනොත් ,fail වුනොත් නැවත යථා තත්ත්වයට පත්වීමේ හැකියාව තමයි Reliability ලෙස හඳුන්වන්නේ.Microsoft Azure Well-Architected Framework හි තවත් ප්‍රධානම දෙයක් තමයි මේ Reliability එක.

Cloud හි පවතින decentralized design එක නිසාම මෙය වඩාත් පහසු වෙනවා, ලොව පුර regions ගණනාවක් පවතින නිසා යම්කිසි අවස්ථාවක ඔබේ system එක ක්‍රියාත්මක වන region එකට බලපෑමක් වුවහොත් වහාම වෙනත් region එකක් මගින් ඔබේ system එක නිසි පරිදි ක්‍රියාත්මක වීම මෙහිදී සිදුවේ.

Security and Governance

ඔබේ system එක නියමිත පරිදි corporate standards වලට සහ government regulatory requirements වලට අනුකුලව පැවතීම අත්‍යාවශ්‍ය දෙයක් වන අතර මෙය ඉටු කරගැනීම සඳහා templates cloud providers මගින් ඔබට ලබාදේ. මෙයට අමතරව ඔබට අවශ්‍ය security features අඩංගු වන cloud solution එකක් පහසුවෙන්ම ලබාගැනීමේ හැකියාවද තිබේ.

Manageability

Cloud computing භාවිතා කිරීමේ ප්‍රධානම හේතුවක් වශයෙන් එහි අඩංගු වන manageability options හඳුන්වන්න පුළුවන්. මෙහිදී ප්‍රධාන options දෙකක් පවතින අතර ඒවා නම්,

Management of the cloud – cloud resources කළමනාකරණය කිරීම මෙහිදී සිදුවේ. පහත සඳහන් පහසුකම් මෙහිදී ඔබට ලබාගැනීමට හැකියාව ලැබේ.

අවශ්‍යතාවය පරිදි ස්වයන්ක්‍රීයව resources scale කිරීමේ හැකියාව.
preconfigured template භාවිතය මගින් resources deploy කිරීම.
resources වල තත්ත්වය නිරතුරුවම නිරීක්ෂණය කිරීම සහ අවශ්‍ය විට බිඳවැටුණු resources replace කිරීමේ පහසුකම.

Management in the cloud – cloud environment සහ resources කලමනාකරණය කිරීම මෙහිදී සිදු කෙරේ. පහත සදහන් දේ කළමනාකරණ කිරීමට ඔබට හැකියාව ලැබේ.

  • Through a web portal.
  • Using a command line interface.
  • Using APIs.
  • Using PowerShell

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY