කලින් ලිපියේ අපි basic කරුණු කිහිපයක් හරහා ගියා. මේ පාර කියලා දෙන්න හිතුවේ කොහොමද හරියටම මුදල් ගෙවීමකින් තොරව Dynamics365 full functions access කරන්නේ කියන කරුණ. මේකෙදි පොඩි ප්‍රශ්නෙකට තිබෙන්නේ full access account එක සදාකාලිකව නොමිලේ භාවිත කරන්න ලැබෙන එකක් නොවෙයි. ඔබට දින 30ක කාලයක් සඳහා තමයි මේ අවස්ථාව හිමිවන්නේ. නමුත් මේක trial account එකක් කියලා, කිසිම විදිහේ අඩුපාඩුවක් නැහැ. සියලුම functions වැඩ කරනවා සාමාන්‍ය account එකක් වගේම. මෙහිදී ඔබට options 4ක් හිමි වෙනවා. ඒ තමයි Dynamics365 for Sales, Dynamics365 for Customer Service, Dynamics365 for Field Service, Dynamics365 for Project Service Automation කියන හතර. මම මෙතන පහලින් තියන්නම් trail එකට free sign up වෙන link එක. ඒ තමයි,
මේ URL එක load කරගන්න ඔබට පහත පරිදි වෙබ් අඩවිය load වෙනවා බලන්න පුළුවන්.
ඔබට පුළුවන් දකින්න මෙහි තිබෙනවා අපි ඉහත සඳහන් කල ප්‍රධාන අංශ හතර. ඔබට තිබෙන්නේ මෙහි එකක් select කරලා වැඩ පටන්ගන්න. ඔබ වැඩ කරන්නේ company එකක් සඳහානම් ඔබට පුළුවන් ඔබේ work email එක සහ දුරකථනය ලබාදීලා ඔබට account එක ලබාගන්න පුළුවන් සුළු මුදලක් මගින්. නමුත් මේ අපේ account එක හදාගන්න ක්‍රමය නෙමෙයි. දැන් ඔබට පුළුවන් මෙහි දකින්න පහත වැකිය.




