Google Chrome extension එකක් විදිහට Windows Defender පැමිණෙයි

Google Chrome extension එකක් විදිහට Windows Defender පැමිණෙයි

2180
0
SHARE

Chrome කියන්නේ Google අයගේ browser එකක්. 2008දී තමයි මෙයා එලියට ආවේ. Chrome OS එකෙත් web apps ඔක්කොම run වෙන platform එක තමයි google chrome කියන්නේ. ඉතාමත් ඉහල මට්ටමේ HTML standard එකක් පවත්වාගෙන යන හොදම browser එකක් තමයි chrome එකක් කියන්නේ.

Windows Defender කියන්නේ anti-malware component එකක්. Windows වලට Defender එන්න පටන් ගත්තේ XP වලට. ඒක download කරන්න පුළුවන් විදිහට. ඉන්පසුව පැමිණුනු Vista හා Windows 7 වලට පසුකාලීනව එකතු වුනු Defender, Microsoft Security Essentials ඉවත් කරමින් Windows Vista හා 10 ආක්‍රමණය කළා කිවොත් නිවැරදියි.

ඔබ දන්නවා අපි Linux හෝ Ubuntu වගේ OS එකකට ගියොත් virus ප්‍රශ්න නැති තරම්. ඒක නිසයි මේ තරමටම Windows වලට anti-malware software එකක් වැදගත් වෙන්නේ. Chrome Web Browser එක පවා මේ ගැන සිතුවා වෙන්නට පුළුවනි. මේ වන විට Chrome web store එක තුල Windows Defender Browser Protection extension ලබාගැනීමේ හැකියාව ඔබට තිබෙනවා. මේ extension එක phishing හා ඔබේ පරිගණකයේ automatically download වෙලා install වෙලා එයට හානි කල හැකි විදිහේ malicious programs වලින් ආරක්ෂා කරන්න කටයුතු කරනවා.

සමහරවිට ඔබ අහලත් ඇති, Microsoft සතුව ඔවුන්ගේම malicious URL list එකක් පවතිනවා. මේ list එක සෑම දිනයකදීම update වෙනවා පමණක් නෙමෙයි මේ ලැබෙන සෑම URL එකක්ම ඒ හරහා filter වීමකට භාජනය වෙනවා load වෙන්න කලින්. හිතන්න මේ malicious list එකේ තියෙන URL එකක් load වෙනවනම් browser එකේ, ඒ වගේම ඔබ defender extension එක install කරලා active කරලනම් තිබෙන්නේ, ඔබට රතු තිරයක් එක්ක පණිවිඩයක් ලැබේවි “a clear path back to safety with one click.” විදිහට. ඒ කියන්නේ එක් වරක් පමණක් click කර ආරක්ෂා කාරී ස්ථානයක් වෙත ගමන් කරන්න කියන කාරණාව.

මේක ගන්න කැමති කවුරු හරි ඉන්නවනම් මේ ලින්කුව පාවිච්චි කරලා එය ලබාගන්න පුළුවන්.

නැවත හමුවෙමු…

Source: https://www.neowin.net/news/microsoft-brings-windows-defender-browser-extension-to-google-chrome

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY