තමන්ගේ SMS එක කියවලත් දෙන Cortana!!!

තමන්ගේ SMS එක කියවලත් දෙන Cortana!!!

1771
0
SHARE

Cortana කියන්නේ මොකක්ද, මොනාද මේකෙන් වෙන්නේ කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. නමුත් විස්තර ටිකක් කියනවනම් Cortana කියන්නේ Microsoft අයගේ virtual assistant. Cortanaට පුළුවන් reminders set කරන්න, voice එකෙන් ලබා දෙන ඕනෑම පණිවිඩයක් තේරුම් ගන්න, Bing search engine එකෙන් ඔබේ ගැටළු විසදලා දෙන්න වගේ දේවල්. තවත් virtual assistant කට්ටිය සෑහෙන ගණනක් ඉන්නවා. Apple Siri, Google Assistant, Amazon Alexa වගේ අයත් එක්ක හොඳ තරගයක් දෙන්න cortanaට පුළුවන් වෙලා තියෙනවා.

Android දුරකථන වලට එන Microsoft Launcher එක ඔබ පාවිච්චි කරනවානම්, එහි updates check කරන්න. මොකද ඔවුන් එයට Cortana එකතු කරනු ලැබුවා. මේ ආගමනයත් එක්කම, ඔබට පුළුවන් Cortana හරහා ඇමතුම් ලබාගන්න. Launcher එක share කරන්න පුළුවන් NFC හා QR code හරහා. අලුත්ම 4.6 version එකේ Arabic/RTL භාෂා වලටත් support එක ලැබෙනවා, Home Screen එකට එකතු වෙන අලුත් features ගණනාවක් එක්කම.  මේක ලබාගන්න ඔබෙත් ආසාවක් තිබෙනවානම් පහත ලින්කුවෙන් ලබාගන්න පුළුවන්.

https://play.google.com/store/apps/details id=com.microsoft.launcher

Microsoft Launcher  එක විතරක්මද Cortana එක්ක update උනේ?  Outlook mobile පවා Cortana එක්ක අලුත් වුණා. email වලට Cortana වලින් මොනවද ලැබෙන්නේ?  email එකක් කියවීම කියන්නේ voice assistant කෙනෙක්ගේ සාමාන්‍ය රාජකාරියක්. නමුත් යම් විශේෂ කෙනෙක්ගේ email කියවීමක් කියන්නේ සැහෙන දුරට විශේෂ හැකියාවක් වෙනවා පමණක්ම නෙවෙයි එය Cortana සතු වෙනවා. Outlook for iOS හා Outlook for Android වලට හදුන්වා දෙන්න බලාපොරොත්තු වෙන මේ අලුත් සේවාව, තවමත් Microsoft Employeesලට පමණක් ක්‍රියාත්මක වුනත් ලගදීම තමන්ගේ රසිකයන්ට නිකුත් කරන්නට සියල්ල සුදානම්…

Outlook හා Launcher වලින් පස්සේ අලුත්ම පියවර වෙන්නේ Android SMS වලට Cortana පැමිණීම. මේ SMS feature එක දැනට Cortana beta app එකේ පවතිනවා. නිතරම Microsoft Products Updates එක්ක ඉන්න කෙනෙක්නම් ඔබ සමහරවිට කියාවි මේක කලින් තිබුන feature එකක් කියලා. නමුත් මෙතැනදී වුනේ පියවරක් ඉදිරියෙන් තැබීමක්. ඔබ Bluetooth headset එකක් දාගෙන වාහනයක් පදවන වෙලාවක ඔබට එන SMS එකක් ඔබට කියවලත් දීලා ,ඔබ Bluetooth headset එක හරහා voice එකෙන් ලබා දෙන පණිවිඩය type කරවලා පණිවිඩය යවන තරමට Cortana ඉදිරියට ඇවිත් තිබෙනවා.

Microsoft Launcher වලට වුන වෙනස්කම් ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යනම් මෙතන click කරන්න.

Microsoft Outlook වල updates මෙතනින් ලබාගන්න.

Source: https://www.neowin.net/news/cortana-on-android-will-soon-read-out-your-text-messages

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY