Internet Explorer 8,9,10 සඳහා සියලු සේවාවන් නවතයි

Internet Explorer 8,9,10 සඳහා සියලු සේවාවන් නවතයි

2107
0
SHARE

කාලයත් සමඟ Internet Explorer web browser එක භාවිතයේ පසු බැසීම නිසා අවසානයේ ඒ සඳහා සේවාවන් ජනවාරි 12 සිට නවත්වන බව Microsoft සමාගම පවසයි.මින් අදහස් වන්නේ Internet Explorerහි version 8,9 සහ 10 සඳහන් කළ දිනට පසුවද භාවිතා කළ හැකි නමුත් security සහ technical updates ලබා නොදෙන බවයි.මේ නිසා hackersලාට නිරාවරණය වන අතර security issues වලට භාජනය විය හැක.

Microsoft සමාගම නිවේදනය කළ විදිහට අඟහරුවාදා browser එකේ අවසන් patch එක ‘End of Life’ notification එක ඔබට ලබා දෙන අතර නවතම Internet Explorer 11 වෙත මාරු වෙන එක හොඳම තීරණය බව එමඟින් පවසයි.

මේ අතර තවත් සමහරක් දෙනා Microsoft Edge වෙත නැඹුරු වෙන්න පුළුවන්.කෙසේ නමුත් මෙතෙක් කාලයකට මිලියන සිය ගණනක් වැනි වැඩිම දෙනෙක් භාවිතා කර ඇති web browser එක Internet Explorer බව නොරහසකි.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY