Microsoft සමාඟම ස්වයංක්‍රීය මෝටර් රථයක් නිපදවයි

Microsoft සමාඟම ස්වයංක්‍රීය මෝටර් රථයක් නිපදවයි

3534
1
SHARE

Smart car ලොවට අමුත්තෙකු නොවන Microsoft සමාගම, වසර ගණනාවක් පුරා dashboard තාක්ෂණය දියුණු කරමින් සිටී. නමුත් IAV සමග එක්ව Microsoft සමාගමේ විශාලතම ව්‍යාපෘතිය වන මෙමගින් අප සතු වාහනය තුලට අනාගතයේදී Microsoft වෙත පිවිසීමට ඉඩහසර සලසා දෙන්නකි.

CESහිදී ඉදිරිපත් කල අන්දමට, Microsoft සහ IAV එක්ව, මාර්ග සුපරික්ෂාව හා රිය පැදවීමේ තාක්ෂණය සඳහා වැදගත් විශේෂාංග සහිත ස්වයංක්‍රීය මොටර් රථයක් නිර්මාණය කර තිබේ. Connected Highly Automated Driving හෙවත් CHAD මගින් මාර්ගයේ ඇති අනෙකුත් උපාංග සමග සම්බන්ධ වීමෙන් අවට ලෝකය නැරඹිය හැකි මෙන්ම රථයේ ගමන් ගන්නා මගීන්ගේ හා මාර්ගයේ ගමන් ගන්නා පදිකයන්ගේද ආරක්ෂාව තහවුරු වේ.

නිදසුනක් ලෙස, කැමරා මගින් බාධක හඳුනාගන්නා අනෙකුත් ස්වයංක්‍රීය මෝටර් රථ මෙන් නොව CHAD අඩංගු වාහන cloud හෝ ආසන්නයේ ඇති උපාංග මගින් ද දත්ත ලබාගත ගනී. එවන් එක් අවස්ථාවක් නිදර්ශණය කර පෙන්වන ලද්දේ, පදිකයෙක් ගාල් කොට ඇති වාහනයක පිටුපසින්, මාර්ගයේ පැමිණෙන වාහනයකට ආවරණය වී ගමන් ගන්නා අවස්ථාවක්ය. නමුත් එම පදිකයා Microsoft Band හෝ smartphone එකක් භාවිතා කරමින් සිටි නිසා, මාර්ගයේ පැමිණෙන වාහනය එම සැඟවුණු පදිකයා එතැන සිටින බවට දැන ක්‍රමයෙන් වාහනයේ වේගය අඩාල කොට තිරිංග යෙදීමට සැරසුණි.

මේ සඳහා උපකාර වන්නේ V2X තාක්ෂණයයි. එමගින් වාහනය වෙත අවට ඇති x සංඛ්‍යාවක් වූ smartphones, මාර්ගයේ ඇති IoT උපාංග හෝ නැවැත්විමේ සංඥා, පදිකයන් සතු wearables, මාර්ගයේ ඇති වෙනත් smart cars සහ වෙනත් දෑ ඇතුලත්ව බාහිර උපාංග රැසක් සමග සන්නිවේදනය කිරීමේ හැකියාව සැලසේ.

මෙය Microsoft මගින් බලගැන්වෙන ස්වයංක්‍රීය මෝටර් රථයක් හේතුවෙන් මෙය එම සමාගමේ නිෂ්පාදන වන Azure, Cortana, Bing සහ වෙනත් cloud තාක්ෂණයන් උපයෝගී කරගනී. තවද එමගින් භාවිත කරන්නන් හට Skype for Business, Cortana voice command සහ Groove Music වැනි සමහර applications වෙත අවසර ලබදෙයි. නමුත් මෙහි ප්‍රධාන අවධානය යොමුව ඇත්තේ V2X තාක්ෂණය වෙතටයි.

Microsoft සහ IAV, දැනටමත් කිලෝමීටර 70,000කට වඩා යුරෝපය හා එක්සත් ජනපදය තුල ධාවනය ගමන් කිරීමෙන්, මෙම තාක්ෂණය අත්හදාබලා ඇත. තවද සමාගම් දෙකම මෙය තවදුරටත් දියුණු කිරීමට බලාපොරොත්තු වන අතර ඉන්පසුව අනෙකුත් වාහන නිෂ්පාදකයන් වෙත යොදාගැනීමට අවසර ලබාදීමට කටයුතු යොදනු ඇත. එමගින් වර්තමානයේ මෝටර් රථවල ඇති ABS හෝ වෙනත් ආරක්ෂක විශේෂාංග මෙන්ම අනාගතයේදී මෝටර් රථ CHAD පද්ධතියකින් සමන්විතව දක්නට ලැබෙනු ඇත.

Comments

comments