ඔබ Windows 7 වල ඉදන් Windows 10 වලට මාරු වෙන්න හිතන් ඉන්නවාද,...

ඔබ Windows 7 වල ඉදන් Windows 10 වලට මාරු වෙන්න හිතන් ඉන්නවාද, එහෙනම් මේක කියවල ඉන්න.

2803
0
SHARE

Windows 7 සහ 8.1 භාවිත කරන්නන්ට Windows 10 සදහා නොමිලේම වසරක් සදහා Upgrade කර ගන්නට Microsoft සමාගම අවස්ථාව ලබා දී තිබෙනවා. නමුත් එත් සමගම පැරණි මෙහෙයුම් පද්ධති වල තිබු අංග ගණනාවක්ම ඉවත් වෙනවා. Windows 7 භාවිත කරන්නන්ට මෙය වඩාත් දැනේවි.

1. ඔබ Windows 7 Home Premium, Windows 7 Professional, Windows 7 Ultimate, Windows 8 Pro සමග Media Center, හෝ Windows 8.1 Pro සමග Media Center භාවිතා කරනවාද, Windows 10 වලට upgrade කල විට Windows Media Center ඉවත් වේවි.

2. DVDs නරඹන්නට නම් වෙනම playback software එකක් අවශ්‍යය වේවි.

3. Windows 7 හි තිබු desktop gadgets සම්පූර්ණයෙන්ම ඉවත් වේවි.

4. Windows 10 Home users ලට Windows Updates ඉබේම ලැබේවි. නමුත් Windows 10 Pro and Windows 10 Enterprise භාවිත කරන්නන්ට updates කල් දැමීමට හැකියාව ලැබේවි.

5. Solitaire, Minesweeper, සහ Hearts Games Windows 10 install කිරීමත් සමග ඉවත් වේවි. නමුත් windows 10 සමග එම games වල නවතම versions වන Microsoft Solitaire Collection සහ Microsoft Minesweeper පැමිණේවි.

6. ඔබ සතුව USB Floppy drive එකක් තිබේ නම් ඒ සදහා Drivers, Windows Updates මගින් හෝ නිෂ්පාදකයාගේ වෙබ් අඩවියෙන් වෙනම Download කර ගත යුතුය.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY