Microsoft හා Adaptive Bio-technologies එකතුවෙන් අලුත්ම Diagnostic Tool එකක්.

Microsoft හා Adaptive Bio-technologies එකතුවෙන් අලුත්ම Diagnostic Tool එකක්.

2285
0
SHARE

මානව ප්‍රතිශක්තිකරණ පද්ධතිය යනු ස්වභාව ධර්මයේ පවතින, රෝග වඩාත්ම නිවැරදි ලෙස හඳුනා ගෙන ඒවාට එරෙහිව ක්‍රියා කරමින් අපගේ ශරීරය ආරක්ෂා කරන විශ්මිත රෝග විනිශ්ච පද්ධතියකි. මූලික වශයෙන් සැලකූ විට යම් පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය, එම පුද්ගලයාගේ සෞඛ්‍යට බලපාන සියලුම කරුණු පිළිබඳව තොරතුරු සපයනවා. යම් ලෙසකින් අපට මෙම තොරතුරු “කියවීමේ” හැකියාවක් ලබුණොත්? එවිට එය වර්තමාන රෝග විනිශ්ච හා ප්‍රතිකාර ක්‍රම පිළිබඳ තාක්ෂණය ඉහළම තලයකට ගෙනයාම සඳහා පදනම වනු නොඅනුමානයි. මෙය ඔබ කියවන විද්‍යා ප්‍රබන්ධයක එන ආකාරයේ ප්‍රකාශයක් යැයි එකවරම හිතුනත් තව දුරටත් එය එවැන්නක් නොවේ. 2018 වසරේදි මෙය යථාර්තයක් බවට පත් කරන්න Microsoft හා Adaptive Biotechnologies ආයතන සූදානම් වෙලයි ඉන්නේ. Microsoft මේ ව්‍යාපෘතියට දායක වෙන්නේ, ඔවුන් පසුගිය වසරේ අරම්භ කළ Healthcare NExT වැඩසටහනේම කොටසක් ලෙසයි.
මූලික වශයෙන් මෙම ව්‍යාපෘතියෙන් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ Artificial Intelligence තාක්ෂණය යොදාගෙන මානව ප්‍රතිශක්තීකරණ පද්ධතිය (human immune system) decode කිරීම මගින් රෝග හඳුනා ගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීමත්, එයින් රෝග වැළැක්වීම හා රෝග සඳහා කාර්යක්ශම ප්‍රතිකාර ක්‍රම ලබා දීමත් ය. ඔවුන් මෙය හඳුන්වන්නේ ‘universal blood test’ ලෙසයි.

මේ ව්‍යාපෘතිය සඳහා AI හි දායකත්වය දැන ගන්නට කලින් මානව ප්‍රතිශක්තිකරණ පද්ධතිය  පිළිබඳව යම් අදහසක් තිබීම වැදගත්.

මිනිස් ශරීරයේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය (immune response) පාලනය කිරීමට මූලික වශයෙන් දායක වන්නේ T-සෛල (T-Cell) හා B-සෛල (B-Cell) යි. මෙම T-Cell වලට ඒ මතුපිට පවතින TCR මඟින් රෝග සංඥා හෙවත් ප්‍රතිදේහ (antigen) හඳුනා ගැනීමේ හැකියාව තිබෙනවා. එම antigen හා ඊට අදාළ TCR එකට බැඳුනු විට T-Cell මඟින් එයට එරෙහිව ක්‍රියා කිරීම අරඹනවා. ප්‍රතිග්‍රාහක ප්‍රතිචාරයකින් (immune reaction) පසුව සමහරක් T-Cells වසර ගණනාවක් යනතුරු රුධිරයේ පවතිනවා.

TCR වලට රෝග සංඥාව කියවීමට හැකිවන ලෙස ඒවායේ ප්‍රවේණි කේතය (genetic code or sequence) යනුවෙන් හඳුන්වන කේතයක් පවතිනවා. මෑතක් වන තුරුම ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟින් රෝග හඳුනා ගන්නා ආකාරය පිළිබඳව තේරුම් ගැනීමට අවශ්‍ය මෙම කේතය කියවීමේ හැකියාවක් අපට තිබුනේ නෑ. නමුත් දැන් පවතින immune sequencing වැනි නව තාක්ෂණයන් නිසා මිලියන ගණනක් වූ විවිධ T-Cell වල ප්‍රවේණි කේතය (genetic code) හඳුනා ගැනීමට හැකියි.

TCR sequence, ඒවා සමඟ බැඳෙන antigen සමඟ ගැළපීම මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය පිළිබඳ අවබෝධය තවත් වැඩි කර ගැනීමට අපට හැකියි. ඒවා වන විට immune sequencing තාක්ෂණය මගින්, TCR හා දැනට හඳුනාගෙන ඇති ඒවාට අදාළ සිය ගණනක් වූ antigen ගැළපීමට හැකියාව තිබෙනවා.

මෙම නව ව්‍යපෘතියේදී immune sequencing, machine learning හා artificial intelligence තාක්ෂණ මඟින් මෙම TCR හා antigen map කිරීම මහා පරිමාණයෙන් සිදු කිරීමටයි මොවුන් බලාපොරොත්තු වෙන්නේ. දැනට පවතින සිය ගණනක් වූ TCR-antigen ගැළපීම්, ට්‍රිලියන ගණනක් වනතුරු ඉහළට සිදු කිරීමට හැකිවන බව මොවුන් විශ්වාස කරනවා. මෙම TCR-antigen map ගැන වැඩිදුර විස්තර කරනවා නම් මෙය machine learning, AI, immune sequencing හා cloud computing යන තාක්ෂණ සියල්ලේම එකතුවෙන් සාදා ගත් ඉතා විශාල relational database එකක්. මෙම Universal TCR-antigen map නිසා වඩා නිවැරදිව හා ඉක්මනින් රෝග විනිශ්චය සිදු කළ හැකි යැයි ඔවුන් විශ්වාස
කරනවා.

එවිට අනාගතයේදී මොවුන් නිර්මාණය කරන universal blood test එකක් මගින් යම් පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය කියවීමෙන් එම පුද්ගලයාගේ පවතින ආසාදනයක සිට පිළිකා තත්වයක් හෝ autoimmune disorder තත්ත්වයක් දක්වා විශාල පරාසයක වූ රෝග හඳුනා ගැනීමට හැකිවේවි.

Source:https://www.neowin.net/news/microsoft-adaptive-biotechnologies-will-use-ai-to-decode-the-immune-system

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY