Microsoft Edge බ්‍රව්සරය iPads හා Android Tablets වලටත්…

Microsoft Edge බ්‍රව්සරය iPads හා Android Tablets වලටත්…

1907
0
SHARE

Microsoft කට්ටියගේ web browsers ගැන කතා කරන්න අපි පටන් ගත්තොත් මේකේ මුලින්ම ඉන්නේ Internet Explorer. බොහොම හෙමින් වැඩ කරන්න ප්‍රසිද්ධියක් උසුලන Internet Explorer වල අතීතය 1995 දක්වා ඈතට විහිදෙනවා. 1995 ඉපදුනු අයත් මේක කියවනවා ඇති. ඇත්තටම Internet Explorer වලට දැන් අවුරුදු 22ක් වෙනවා. Internet Explorer 1.0 සිට අද වෙනකොට Internet Explorer 11.0 දක්වා දිගු ගමනක් මොහු ඇවිත් තිබෙනවා.

2015 ජනවාරි 21 වැනිදා මේ Internet Explorer තමන් සතු කරගෙන තිබුණු Microsoft බලය බිදවට්ටමින් අලුත් සාමාජිකයෙක් එකතු වෙනවා. ඔහු තමයි Microsoft Edge කියන්නේ. Microsoft Edgeගේ initial release එක සිදුවෙන්නේ 2015 ජුලි මාසයේදී. ඒ Windows 10, Windows 10 Mobile, Xbox One වල default browser එක විදිහට. ඒ වගේම කලින් හිටපු Internet Explorerගේ හෙමින් ගමන් පුරුද්ද මෙයාගෙන් අයින් කරලා තිබ්බා. 2017 සැප්තැම්බර් මාසයේදී ආපු අලුත් version එකත් එක්කම 41.1 Version එක තමයි මේ වෙනකොට පවතින්නේ.

මේ ලිපියෙන් කතා කරන්න යන්නේ Microsoft Edge එකෙන් තියන්න යන ඉදිරි පියවරක් ගැන. ඔවුන් මීට මාස කිහිපයකට කලින් Microsoft ආයතනය මගින් ප්‍රකාශ කළා, ඔවුන්ගේ බ්‍රව්සරය වුනු Microsoft Edge, Apple දුරකථන හා Android දුරකථන වලට පැමිණෙන බව. මිට සති ගණනකට කලින් මේ සිහිනය සැබෑවක් කරන්නට Microsoft ආයතනය හැකි වුණා. ඔවුන් Microsoft Edge හි iOS version එක පැමිණ තිබෙනවා. ඔබට මෙය app store හරහා වගේම play store හරහාද ලබාගන්න පුළුවන්.

මේ Microsoft Edge බ්‍රව්සරය ඔබේ දුරකථනය තුල භාවිත කිරීමෙන්  නවතම අත්දැකීමකට ඔබව රැගෙන යන බවට Microsoft ආයතනය මගින් සහතික වෙනවා. මෙය install කරගෙන  MICROSOFT ගිණුමට Log වීමත් සමගම ඔබ සියලු passwords, history වගේම bookmarks වගේ කරුණු සියල්ලම සමග ඔබ sync වෙනවා සියලුම devices සමග.

මේ අලුත් අත්දැකීමත් එක්ක ඔබටත් හිතෙනවනම් ඔබේ දුරකථනයත් Microsoft Edge පාවිච්චි කරලා බලන්න App Store සදහා එම වචනයත්, Play Store සදහා එම වචනයත් click කරන්න.

මෙම බ්‍රව්සරය ගැන ඔබේ අදහස් මේ ලිපියට පහතින් එකතු කරන්නත් අමතක කරන්නෙපා.

Source:https://www.neowin.net/news/microsoft039s-edge-browser-is-now-available-for-ipads-and-android-tablets

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY