Microsoft සමාගම මහජනතාව සඳහා Azure IoT Hub නිකුත් කරයි

Microsoft සමාගම මහජනතාව සඳහා Azure IoT Hub නිකුත් කරයි

3385
1
SHARE

පසුගිය පෙබරවාරි හතර වන දින සිට Microsoft සමාගම තම Azure IoT Hub එක පොදු ජනතාව සඳහා විවෘත කොට ඇත. මෙමගින් පාරිභෝගිකයන්ගෙන් වෙත සම්බන්ධ වීමට, සැපයීමට හා ඔවුන්ගේ IoT smart උපකරණ කළමනාකරණයට අවස්ථාව උදාවන බැවින්, Microsoft සමාගමේ දැනටමත් පවතින Azure IoT suite එක වැඩිදියුණු කිරීම සිදුවේ. Azure IoT Hub එක, සම්බන්ධිත උපාංග සහ දත්ත ප්‍රයෝජනයට ගන්නා cloud විසඳුම් අතර පාලමක් ලෙස කටයුතු කරන බැවින්, Azure පාරිභෝගිකයන් හට එවෙලෙහිම තම උපාංගයේ කටයුතු කිරීමට හා විශ්ලේෂණය කිරීමට හැකියාව ලැබේ.

Cloud සම්බන්ධිත උපකරණ පිළිබඳ වැඩිවන සියුම් නිරීක්ෂණ හා එමගින් ආයතනයකට ඇතිවිය හැකි ආරක්ෂිත ගැටලු හේතුවෙන්, Microsoft සමාගම තම cloud විසඳුම්වල ආරක්ෂිත අංශය පිළිබඳ තම නිවේදනයේ වැඩි අවධානය යොමු කොට තිබේ. මෙම සේවාව බහුලව භාවිතා වන IoT protocols වන MQTT, HTTPS සහ AMQPS සඳහා සහය දක්වයි. තවද MQTT එක අනාරක්ෂිත සබඳතා සඳහා සහය දක්වන බැවින්, පාරිභෝගිකයන් හට නිර්දේශ කර ඇත්තේ අතිශය අවශ්‍යතා සඳහා පමණක් එය භාවිතා කරන ලෙසයි.

Microsoft සමාගම නිකුත් කරන නව ව්යාපෘති ගණනාවක් සමග විශේෂයෙන් ඒවා cloud අන්තර්ගත විසඳුම් වන විට, Azure IoT Hub එකෙහි සංරචක ගණනාවක්, විවෘත මූලශ්‍ර ව්යාපෘති ලෙස GitHub වෙතින් ලබාගත හැකිය. වර්තමාන ව්යාපාරයන්හි භාවිතා වන උපකරණ සමග ඒකාබද්ධවීම සඳහා අවස්ථාව ලබාදීම මගින් පෙනීයන්නේ, මෘදුකාංග ලොවේ දැවැන්තයා නව දිශාවකට ගමන් ආරම්භ කර ඇති බවයි. තවද එමගින් තම සමාගම පිළිබඳ, තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ බොහෝදෙනාගේ ආකල්ප ද වෙනස් කිරීමට ආරම්භ කොට ඇත.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY