Microsoft Azure එක පෙළට – 6 කොටස

Microsoft Azure එක පෙළට – 6 කොටස

2016
0
SHARE

පහුගිය කාලේ වැඩත් එක්ක ලිපි මාලාව ලිවුවත් එක පාරටම වැඩ වැඩි වුන නිසා ලියන එක මන්දගාමී වුණා. කෙසේ වෙතත් නැවතත් ලිපි මාලාවේ 6 වෙනි ලිපිය මේ විදිහට ඉදිරිපත් කරන්නේ. ඒ වගේම Windows geek සඳහා මම ලියන 85 වන ලිපිය.

Azure Virtual Machines

මුලින්ම කියන්න ඕනේ virtual machines ගැන. virtual machines එහෙමත් නැත්නම් අපි සිංහලෙන් අතත්‍ය පරිගණක කියන පරිගණක ගැන මිට පෙර ලිපිවල කතා කළා. මේ නිසා කෙලින්ම අපේ මාතෘකාවට එන්නම්. සාමාන්‍යයෙන් Virtual machines Windows හා Linux වර්ග දෙකෙන්ම පවතිනවා. කෙනෙක් හිතන්න පුළුවන් Azure platform එකේ වැඩ කරන virtual machines, Windows විතරද කියලා. ඇත්තටම ඒවා linux වලට පවා support කරනවා. Azure වැඩ කරන virtual machines 40%කම වැඩ කරන්නේ linux. මේකට support කරන වර්ග අතරේ Linux Distros – CentOS, CoreOS, Debian, Oracle Linux, RHEL, SUSE LES, openSUSE, Ubuntu ප්‍රධාන වෙනවා.

මේකෙදි වැදගත් වෙන දෙයක් තමයි ඔබට ගැලපෙන virtual machine එක තෝරාගන්නේ කොහොමද කියන එක. Memory optimization, CPU, storage වල අඩු වැඩි බව එක්ක virtual machine ප්‍රධාන වර්ග 6කට සහ families 28කට මේවා බෙදන්න පුළුවන්.  මේවා එන්නෙම පොඩි temporary memory එකක් එක්ක. නමුත් ඔබට පුළුවන් මේකට තව data disks එකතු කරන්න. සාමාන්‍යයෙන් Virtual machines වලින් අයවෙන්නෙ පැය ගණනට. නමුත් Azure වලදී අවසන් තප්පරයට තමයි අය වෙන්නේ. ඔබට මේක සංසන්දනය කරන්න පුළුවන් AWS කට්ටියගේ EC2 එක්ක.

Azure App Services

මීළඟට කියන්නම් Azure App Service එක ගැන. මේක සාමාන්‍යයෙන් PaaS, එහෙමත් නැත්නම් Platform as a service විදිහටයි ක්‍රියාත්මක වෙන්නේ.  තවත් පැහැදිලි කලොත් මේකේ environment එක සම්පුර්ණයෙන්ම manage වෙනවා. මේක නිසා ඔබට පහසුවෙන්ම පොඩි web app එකක ඉදන් industrial application එකක් වෙනකන් ඕනෑම application එකක් පහසුවෙන් පාලනය කරන්න පුළුවන්. කෙනෙක්ට පැහැදිලි අදහසක් නැති වෙන්න පුළුවන් ඔබට භාවිත කරන්න පුළුවන් programming languages ගැන. අද වෙද්දී ලෝකයේ trending වුන Java, Ruby, .NET, .NET Core, Node JS, PHP සහ Python වගේ ඒවා ඔබට පාවිච්චි කරන්න පුළුවන්. ඔබ දන්නවද application types ගත්තොත් Web Apps, APIs, Mobile Backends වගේම containers වගේ වෙනස් formats ගණනාවකට support කරනවා azure විසින්. සමහරවිට ඔබ දන්නවා ඇති App Service Plans ගැන. මේකේ ප්‍රමාණය තීරණය වෙන්නේ ඔබ Azure වෙත ලබාදෙන application එකේ power එක කොච්චරක්ද කියන එක මත. මේක සඳහා භාවිත වෙන plans, Free සිට Isolated Environments දක්වා විහිදෙනවා.

Azure functions

තුන්වෙනි සේවාව වෙන්නේ Azure functions. මේ සේවාව FaaS එහෙමත් නැත්නම් Functions as a Service කියන වර්ගයට අයිති වෙන්නේ. Google cloud වල cloud functions වගේම AWS වල AWS Lambda අයත් වෙන්නෙත් මේ වර්ගයට තමයි. මෙයාගේ මුලික කර්තව්‍ය වෙන්නේ events හා triggers වලට අදාලව code එක execute කරන එක. වැදගත්ම දේ තමයි මේකට යන වියදම මොන වගේද කියන එක. සාමාන්‍යයෙන් නම් code එක execute කරනකම් ඔබට වියදමක් යන්නේ නැහැ. C#, F#, Javascript වගේම Java මේකේ support කරන programming languages. Account එක නිර්මාණය කරලා මාසයක් යන තුරු/ executions මිලියනයක් කරන තුරු ඔබට මේවා free ලබාගන්න පුළුවන්.

Azure batch තමයි මීළඟ අංශය වෙන්නේ. මේක නිර්මාණය වෙන්න මුලික හේතුව වෙන්නේ batch processing jobs වලට. ඒ කියන්නේ High Performing large scale workloads, control කරන්න තමයි හුඟක්ම පාවිච්චි කෙරෙන්නේ. ඒ වගේම Windows හා Linux Compute nodes දෙකටම මෙයා support කරනවා. මේ Batch service එක free. ඔබ පාවිච්චි කරන resources වලට pay කරන්න වුනේ නැත්නම් මේක ඔබට නොමිලේ ලැබෙන්නේ.

මීළඟ ලිපිය කතා කරන්නේ container services සහ තවත් එක එක services ගැන. අපි මේ ලිපි ලියන්න හේතු වුනේ අපේ රසිකයන්. අපිට ආපු ඉල්ලීම්. අපි හිතනවා මේවා කියවල ඔබට පුලුවන්නම් මේකේ අඩුපාඩු පහලින් දක්වන්න. අපිට ඒවා හදාගන්න පුළුවන්.

ඒ වගේම මේ පාර Windowsgeek වෙබ් අඩවිය Bestweb.lk තරඟය සඳහා සුදුසුකම් ලබලා තිබෙනවා. ඔබට පුළුවන් මේ ලින්කුවෙන් ඔබේ වටිනා vote එක අපිට ලබාදෙන්න. අපේ ලිපිවලින් ඔබ අකුරක් හරි ඉගෙනගත්තනම් මේ අවස්ථාව ඔබේ අවස්ථාව.

නැවත හමුවෙමු…

 

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY