SHARE

Microsoft සමාගම satellite imagery මෙවලමක් 1990s දී නිර්මාණය කර තිබෙනවා. නමුත් එය ඉවත් කිරීමට සිදුවෙලා. මෙය හෙළි කරලා තිබෙන්නේ Microsoft සමාගමේ Tom Barclay විසින්. මේ කාලයේදී තමයි Microsoft සමාගම ටෙරා බයිට් එකක ආචායන ඉඩක් ඇති server එකක් නිෂ්පාදනය කරලා තිබෙන්නේ. 1997 දී නිපදවූ මෙය නම් කරලා තිබෙන්නේ Terraserver නමින්. මෙහි තිබු එක් ප්‍රධාන සංරචකයක් තමයි පොදු මහජනයාට විවෘත වූ ලෝකයේ ප්‍රථම satellite imagery එක. ඉඳුරාම Microsoft සමාගම Google සමාගමට වසර හතරකට පෙර ‘Google Earth’ නිර්මාණය කර තිබෙනවා.

මේ ව්‍යාපෘතියෙන් බලාපොරොත්තු වන තරමේ ලාභයක් ලබා ගැනීමට නොහැකිවේ යැයි සිතු Microsoft සමාගම මේ දැවැන්ත server එක තුන්වෙනි පාර්ශවයේ hosting platform එකක් ලෙස භාවිතා කරන්නට තීරණය කර තිබෙනවා. අභ්‍යවකාශයේ සිට තම නිවස දෙස බැලීමට සාමාන්‍යය ජනතාවට අවශ්‍යයතාවයක් ඇති නොවේ යැයි එවක සමාගමේ විධායකයින් සිතා තිබෙනවා. මේ ව්‍යාපෘතිය පිටුපස සිටි චරිතයක් වූ Tom Barclay පැවසුවේ සමාගම එම server පරිගණකයෙහි තිබු දත්ත පිළිබඳව අවධානයක් යොමු නොකළ බවයි. නමුත් මුලදී තොරතුරු ආශ්‍රිත සමාගමක් වූ Google සමාගම මෙහි වටිනාකම හදුනාගත් බවයි.

[T]he company didn’t care about the information [on Terraserver], Google was an information company first. They saw the value of the information.

තව දුරටත් ඔහු පැවසුවේ Terraserver, Microsoft සමාගමේ අනාගතය තීරණය කිරීමට ඉඩ තිබු බවත්, නමුත් සමාගම එම server එක තුල අනෙක් පුද්ගලයන්ගේ දත්ත තැන්පත් කිරීමට තීරණය කල නිසා දැන් ලොව විශාලතම hosting ආයතන වලින් එකක් වී වසරකට බිලියන ගණන් ලාභ ලබා ගැනීමට හැකි වූ බවයි. ඔවුන්ගේ ප්‍රථම ඉදිරිපත් කිරීම ලෙස සිදු කර ඇත්තේ එවක ප්‍රධාන විධායක නිලධාරියා වූ Bill Gates ගේ නිවස අර්ධ වශයෙන් සිතියම් ගත කිරීමයි. අවසාන වශයෙන් ඔහු පවසා තිබුනේ ප්‍රථම වසර තුල ඊ මේල් පණිවිඩ 20,000 ක් පමණ ලැබුණු බවත් ඒවායින් බහුතරයෙහි සඳහන් වෙලා තිබෙන්නේ මෙලෙසයි.

I love Terraserver, I saw my house හෝ I hate Terraserver, I didn’t see my house.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY