Windows 10 November Update එකේ නවතම විශේෂාංග

Windows 10 November Update එකේ නවතම විශේෂාංග

2783
0
SHARE

පසුගිය දින එනම් ඊයේ දින් Microsoft සමාඟම විසින් ප්‍රථම ප්‍රධාන Windows 10 Update  එක වන November Update – Windows 10 1115 එක නිකුත් කල පුවත ඔබ දැනටමත් දන්නවා, තවත් සමහරක් දැනටමත් නවතම update එක ලබාගෙනත් ඇත. කෙසේ නමුත් අප ඔබට සඳහන් කල පරිදි මේ update එකේ ඇති විශේෂාංග මොනවාදැයි අප විමසාබලමු.

Start මෙනු එක

මෙහිදී කැපීපෙනෙන විශේෂ ලක්ෂණයක් නම් එක Tile Group එකකට Medium Tiles 4ක් බැගින් Pin කල හැකිවීම හා විශාල Live Tiles 2කක් Pin කල හැකිවීමයි. තවද Start Menu එක තුල Tiles Pin කිරීම සඳහා පෙරමෙන් නොව විශාල ඉඩ පහසුකමක් හිමිවේ.

Tablet Mode එක

ඔබ නිරන්තරයෙන් Tabet mode එක භාවිතා කරන අයෙක් නම් Windows 8.1 හි ඇති Snap feature එක නැවත ලබාදී ඇත මෙහිදී ඔබගේ Window එකේ විවර කර ඇති apps එකක් හෝ කීපයක් snap කීරීමට පහසු කම සැලසේ.

Context මෙනු එක

මෙනු එකේ දක්නට ලැබෙන වෙනස්කම් නම් එහි ඇති මෙනුවේ Bacground එකේ වර්ණ ගැන්වීම්වේ.  Task Bar Context මෙනු එක අදුරු වර්ණයකිනුත් අනෙකුත් Context මෙනු ලා පැහැති අළු වර්ණයකිනුත් වර්ණ ගන්වා ඇත.

Cortana

Cortana හි ඇති විශේෂ ලක්ෂණයන් නම්   හදුනා ගැනීමේ හැකියාවයි. ඔබවිසින් touch scree එක මත ලියනු ලබන අත් අකුරු හා gestures හදුනාගැනීමට  හැකිය.

තවත් මෙහි කැපීපෙනෙන අංගයක් නම් ඔබට ලැබෙන emails පරික්ෂා කොට ඒවායේ ඇති වගතුග අනුව අදාල කාලයට පැය 2කට පමණ පෙර ඔබට මත්ක් කිරීමට ද, ඔබ ගුවන් ගමනක් යැමට අදාල ටිකට් පතක් වෙන්කල පසු ලැබෙන emails පරීක්ෂාකොට අදාල ස්ථානයට යෑමට හැකි ආකාර හා ඒසඳහා Uber භාවිතා කල විටයන වියදම් ආදීයද , චිත්‍රපටි සඳහා යෑමට tickets book කර ඇත්නම් ඒ සඳහා  යෑමට අනුගමනය කලයුතු මාර්ග ආදිය, පිළිබඳව  තොරතුරු ලබාදීම සිදුකරනු ලබයි.

තවද ඔබගේ ජංගම දුරකතනයට පැමිනෙන missed calls, Text messages ආදිය පිලිබඳ Cortana සුපරික්ෂාකාරීව සිටින අතර ඒ පිළිබඳ වගතුග ඔබ පරිගණකය භාවිතාකරන විට ලබාදේ.

ඔබට ලැබී ඇති කෙටි පනිවිඩ සඳහා පිලිතුරු Smart Phone එක භාවිතා නොකර Cortana හරහා යැවීමටද මෙහිදී අවස්තාව සැලසේ.

Desktop

මෙහි විශේෂ වෙනස්කම් නොමැති වූවත් ඇතැම් icons හා සම්බඳ වෙනස්කම් දක්නට ලැබෙනවා. ඊට අමතරව colored title bar එකක් යොදා ගැනීමේ හැකියාවද තිබෙනවා.

Settings app

Microsoft සමාඟම නිරන්තරයෙන්ම පාහේ වෙනස්කම් සිදුකරමින් සිටියේ Settings App එකටයි. මෙහිදී නව අංගයන් කීපයක්ම දැක ගැනීමට හැකියාව ලැබෙනවා.

System වෙත යන ඔබට display settings හි ඇති scale settings apply කිරීමකින් තොරව වෙනස්කල හැකිවේ. (System > Display)

System> Multitasking  හි ඇති තවත් අංගයක් නම් ඔබ විසින් snap කර ඇති Apps 2කෙහි එක් app එකක් resize කිරීමේදී ඊට සමඟාමීව අනෙක් app එක resize කිරීමට ඇති පහසුකමයි.

මේ ආකාරයට තවත් අලුත් ම විශේෂාංග රැසක් November Update එකෙහි ඔබට දැක ගත හැකි අතර විශාලා දෝෂප්‍රමාණයක් නිරවද්‍ය කොට ඇත. ඊට අමතරව මා විසින් නිරික්ෂණය කල දෙයක් නම් prefomance පෙරටත් වඩා ඉහල මට්ටමකින් වර්ධනය වී ඇතිබවයි.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY