අපි මේ ලිපි මාලාවෙන් කතා කරන්න හිතුවෙ Microsoft Data Analytics ගැන ගැඹුරු පැහැදිලි කිරීමක්. මේ ලිපි මාලාව ඔබට Microsoft PL 300 – Power BI Data Analyst Associate certification එක සදහා කරන මාර්ගෝපදේශනයක් විදියටත් භාවිත කරන්න පුලුවන්.
දත්ත සහ තොරතුරු ව්‍යාපාරයකට ඇති අතිශය මූලික සම්පතක් බවට පත්ව ඇති අද දින, ආයතන මුහුණදෙන්නේ තම දත්ත නිවැරදිව අවබෝධ කරගෙන, ඒවා ව්‍යාපාරයේ ඵලදායී වෙනස්කම් වලට භාවිතා කිරීමේ අභියෝගයයි.
බොහෝ ව්‍යාපාර, තමන් සතුව ඇති විශාල දත්ත ප්‍රමාණයන් සැලකිල්ලට ගත් විට, ඒවා අර්ථවත් හා නිර්මාණශීලී ලෙස භාවිතා කිරීමට තවමත් අසීරුතා පවතිනවා. මෙය අවසන් වශයෙන් ව්‍යාපාරික ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවට බලපානවා.
උදාහරණයක් වශයෙන්, සාමාන්‍ය මට්ටමේ ව්‍යාපාරයක් තම දත්ත වලින් ලබා ගත හැකි වටිනාකම මෙසේ උපයෝගී කරගන්න පුලුවන්.
- තොග තත්ත්වය නිරීක්ෂණය කිරීම
- ගනුදෙනුකරුවන්ගේ මිලදී ගැනීමේ රටා අනාවරණය කිරීම
- පරිශීලක ප්‍රවණතා හා රටා හඳුනා ගැනීම
- නිෂ්පාදන නිර්දේශ කිරීම
- මිල ගණන් උපරිම කිරීම (Price Optimization)
- වංචා හඳුනාගෙන නතර කිරීම
එයට අමතරව, ඔබට දිනපතා හෝ මාසික විකුණුම් රටා නිරීක්ෂණය කිරීමට අවශ්‍ය වෙන්නත් පුලුවන්. මෙවැනි අවස්ථාවලදී, දිනයෙන් දිනයට, සතියෙන් සතියට සහ මාසයෙන් මාසයට දත්ත සැසියන් විශ්ලේෂණය කිරීම වැදගත් වන අතර, පසුගිය වසරේ එම සතියේ විකුණුම් සමඟ වත්මන් තත්ත්වය සාපේක්ෂව බැලීමේ හැකියාව ඔබට ලැබෙනවා.
ඔබේ දත්ත වලින් වටිනා තොරතුරු ලැබීමට මූලික ක්‍රමය වන්නේ, එම දත්ත වලින් කතාවක් කියවීමයි. අද ලෝකයේ තරඟකාරී හා වේගවත් ව්‍යාපාරික පරිසරය තුළ, ඒ වගේ තොරතුරු ඇතුළත් වාර්තා සකස් කිරීමක් තමයි ව්‍යාපාරයේ නායකත්වයට නිවැරදි තීරණ ගැනීමට උපකාරී වන්නේ. නිවැරදි තීරණ ගන්න, ව්‍යාපාරිකයින්ට අවශ්‍ය වන්නේ සත්‍ය කතාවක් — ඒ තමයි දත්ත ඔස්සේ ලබා දිය හැක්කේ.
නමුත්, දත්ත පමණක් තිබීම ප්‍රමාණවත් නොවෙයි. ඔබට අවශ්‍ය වන්නේ ඒ දත්ත මත ක්‍රියාමාර්ග ගැනීමයි.
උදාහරණයක් ලෙස, අවශ්‍යතාවකට සරිලන ලෙස සම්පත් නැවත බෙදා හදා ගැනීමක්, හෝ අසාර්ථක වෙමින් පවතින ව්‍යාපාරයක් හඳුනාගෙන එහි මාර්ගය වෙනස් කිරීමක් විය හැකියි. මෙවැනි අවස්ථාවලදී, දත්තයත් සමඟ කතාවක් කියවීම විශේෂයෙන්ම වැදගත් වෙනවා.
අද ව්‍යාපාර මුහුණදෙන ප්‍රධානම අභියෝගය වන්නේ, තමන් සතුව ඇති දත්ත අර්ථවත් ලෙස භාවිතා කරමින්, ව්‍යාපාරයේ සාමාන්‍යය ලාභදායකත්වයට බලපාන තීරණ ගැනීමයි. ඒ සඳහා, ඔබ දත්ත විශ්ලේෂණය කරමින් විශ්වාසවන්ත තීරණ ගැනීමට හැකි විය යුතුයි.
එසේම, මැට්‍රික්ස් (metrics) විමසුමක් කළ විට ඒ පිටුපස ඇති සැබෑ තේරුම හඳුනාගැනීමට හැකි විය යුතුයි.
මේ හැමදේම අභියෝගයක් වුවද, ඔබට ඔබේ ආයතනයට කරන්න පුලුවන් දෙයක්. එහි පළමු පියවර වන්නේ, ඔබේ සංවිධානය තුළ දත්ත විශේෂඥයින් — data engineers සහ data scientists වැනි පුද්ගලයන් සමඟ “data storytelling journey” එක නිර්මාණය කරගැනීමයි.
ඔබේ “data storytelling journey” එක, සංවිධානය තුළ data culture එකක් තනා ගන්නා අවශ්‍යතාවත් සමඟ ප්‍රබල සම්බන්ධතාවයක් ගොඩනගාගන්නවා. data storytelling වැදගත් වුවත්, කතාව කියවෙන්නේ කවුරුන්ටද?, එය සෙවිය හැකිද? නියම පුද්ගලයන්ටද ලැබෙන්නේ? යන දේවල්ද බෙහෙවින් වැදගත්.
දත්ත විශ්ලේෂණය කියන්නේ මේ වගේ අභියෝග ජය ගැනීමට ව්‍යාපාරයන්ට ගොඩක්ම උදව්වක් වෙන ක්‍රියාවලියක්. දත්ත මගින් සැඟවුණු වටිනාකම් හෙළි කරලා, ඒවාෙන් සත්‍ය කතාවක් කියන එක ව්‍යාපාරික තීරණ ගැනීම තවත් පහසු කරනවා.