Azure Architecture එක සරළව ඉගෙන ගමු – (Part 01)

Azure Architecture එක සරළව ඉගෙන ගමු – (Part 01)

73
0
SHARE

Cloud Technology මගින් organizations හා ව්‍යාපාර වල applications හා system designs වල අභියෝග රාශියක් විසදගැනීමට හැකි වුනා. Solution Architech කෙනෙක්ගෙ මූලික කාර්යය වෙන්නෙ application එකේ functional requirements හරහා business value එක වැඩි කරන දේ පමණක්ම නෙමෙයි. Value addition එකත් එක්කම ලබාදුන්න solution එකේ effectiveness, effeciency, resilient හා scalable වගේ attributes පවා monitor විය යුතුයි.

Solution Architecture කියන්නෙ technical system එකක planning, design, implementation හා ongoing improvement  එකකට. මේ වගේ system එකක architecture එක, ඒ system එක හා සම්බන්ධ business requirements හා technical capabilities ගැලපෙන්න අවශ්‍යයි. ඒ වගේම finished architecture කියන්නෙ system එක හා එහි components වල risk, cost, ඒ වගේම capability සමතුලිත කිරීමක්.

Azure Framework

Azure Framework එකත් මේ වගේම සෑහෙන powerful features තියෙන framework එකක්. මේක ප්‍රධාන කොටස් පහකින් සමන්විතයි.

An illustration that shows the pillars of the Azure Well-Architected Framework.

  • Cost optimization – Cloud environment එක setup කරගන්න ඹ්න operations හා deployment වලදි cost effective වෙන්න. අපි මුදල් වැය කරලා infrastructure build කරද්දි ඒවාගෙන් උපරිම භාවිතයක් ගන්න අපි දැන සිටිය යුතුයි.
  • Operational excellence – DevOps වගේ ලෝකයේ තිබෙන අලුත් technology හරහා faster development හා deployment cycles නිර්මාණය කරගන්න පුලුවන්. මේකෙදි Customer notice වෙන්න කලින් failures detect කරගන්න system එකක් පවත්වාගැනීම අනිවාර්ය කරුණක්.
  • Performance efficiency – Architecture එකක් හොදින් perform කරන්න සහ scalable වෙන්න, එය resources එක්ක නිවැරදිව සම්බන්ධ වෙන්න අවශ්‍යයි.
    An illustration that shows how resources in the cloud scale dynamically based on demand, resulting in highly efficient usage. When resources are implemented at a fixed level, it results in inefficient usage during low demand and shortage during high demand.
  • Reliability – සෑම Solution Architect කෙනෙක්ම බලාපොරාත්තු වෙනවා failures අඩුවෙන් පවත්වාගන්න පුලුවන් architecture එකක්. Failures වුනත් නැවත recover කරගන්න පුලුවන් වෙන්න අවශ්‍යයි.
    An illustration that shows two virtual machines in a virtual network. One of the machines is shown as failed, while the other is working to service customer requests.
  • Security – Authentication, Encryption වගේ methods වලින් පමණක් දත්ත භාවිතා කරන්න ක්‍රම හදලා Network failures වගේ දේවල් වලින් දත්ත නිවැරදිව ප්‍රවේසම් කරගැනීම අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා.

An illustration that shows the types of security threats and attacks that might affect your data in the cloud.

 

අපි මේ දේවල් ගැන තව ගැඹුරින් මීලග ලිපියෙන් කතා කරමු.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY