Microsoft Exchange Server 2016 Preview එක නිකුත්වේ

Microsoft Exchange Server 2016 Preview එක නිකුත්වේ

16875
1
SHARE

Microsoft Exchange Server කියන්නේ වැදගත් Office Product එකක්. මේ Exchange Server එක පාවිච්චි කරලා අපට පුළුවන් Business Email, Contact, Calendar වගේ දේවල් වගේම Organization එකක වැදගත් Sensitive Data ආරක්‍ෂිතව Store , Backup , Recovery , Sync කරන්න. මේ Microsoft Exchange Server  එකේ වැදගත් ම දේ වෙන්නේ Organizations වල අත්‍යවශ්‍ය Sensitive Data Protect කරලා දෙන එක. මේ Exchange Server එක හරහා Organization එකක Infrastructure Cost එක අඩු කරවනවා.

නමුත් අද අපි කියන්න යන්නේ Microsoft Exchange Server එකෙන් කරන්න පුළුවන් දේ ම නෙවෙයි. කලින් Latest  ම Exchange Server Version එක උනේ Microsoft Exchange Server 2013. දැන් Microsoft සමාගම නිවේදනය කරලා තියෙනවා මේ Exchange Server එකේ අලුත්ම Version එකේ Preview Build එක. මේක ලබන අවුරුද්දේ එන්න තිබුනත් දැන් අලුත් Exchange Server 2016 Version එකේ Preview එක Download කරන්න Customers ලට අවස්ථාව ලබාදීලා තියෙනවා. ඒ Microsoft Exchange Server 2013 Version එකට වඩා අති විශාල Features  ප්‍රමාණයක් සමගින්. Microsoft කියන විදිහට මෙම New Version එක Exchange Server වල වෙනසක් කරන අවස්ථාවක් වෙනවා. මොකද මේ Version එක Cloud Basic විදිහට එන නිසා. ඒ වගේම worldwide Exchange community එකට මේ Version එක Develop කරන්න අවස්ථාව ලැබෙනවා.

microsoft-exchange-server-2016-scr-01

Exchange Server 2016 Version එකේ අලුත් වැඩිදියුනුවීම් විදිහට,

  • සරල ආකෘතිය.
  • වැඩි විශ්වසනීයත්වය.
  • නව Outlook අත්දැකීම.
  • වැඩිදියුණු කල Data නැතිවීමේ අවදානම ඉවත් කිරීම.
  • වැඩි කාර්යක්ෂමතාව.
  • Hybrid Technology

වගේ තව ගොඩක් දක්වන්න පුළුවන්. ඔයාලට මේ අලුත් Preview එකේ Features මොනවද කියල දැනගන්න පුළුවන් මේ Microsoft එකේ Microsoft’s Exchange Team Blogඑකෙන්. ඒ වගේම මේ Preview එකේ සුවිශේෂීම දේ වෙන්නේ වැඩි දියුණු කල Outlook Web App එක. දැන් වැඩිදියුණු කල mobile අත්දැකීමත් මේ සමග ලැබෙනවා. ඒ අලුත් Features ගොඩක් එක්ක. Sweep , Pin , Undo , Inline reply , Improved HTML rendering , New themes වගේ දේවල්.

තවත් මේ අලුත් Preview  build එක ගැන වැඩි විස්තර Microsoft’s Office Mechanics පහත video එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY