Outlook.com සදහා වූ Skype සේවාව, Microsoft Edge සමග අලුත් වෙයි.

Outlook.com සදහා වූ Skype සේවාව, Microsoft Edge සමග අලුත් වෙයි.

13069
1
SHARE

Windows 10 launch කිරීමට ඇත්තේ තවත් පැය කිහිපයක් විතරයි. ඒ කොහොම උනත් Microsoft සමාගම windows 10 වලට සහ Microsoft Edge Browser සදහා දිනෙන් දිනම අලුතෙන් විශේෂාංග එකතු කරමින් සිටිනවා. ඒ වගේ එකතු වුන තවත් එක විශේෂාංගයක් ගැනයි මේ article එක.

Microsoft සමාගම පළමු වරට ඔවුන්ගේ Outlook.com email service එක use කරන Windows 10 පරිශීලකයන්ට Edge හරහා Skype audio සහා video calls ලබා ගැනීමට පහසුකම් ලබා දීලා තියෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් Skype app එක පාවිච්චි කරනකොට වගේ, Outlook.com භාවිතා කරන වෙලාවට Skype alerts and notifications silence කර ගැනීමේ හැකියාවත් තියෙනවා. මිට අමතරව පෙර  තිබුණු ආකාරයටම, message කිරීමේ සහ අනෙකුත් සියලු සේවාවන් ද මෙයට ඇතුලත් කරලා තියෙනවා.

Windows 10 මේ බදාදා launch කරන්න කලින් තවත් මේ වගේ beta මට්ටමේ පැවතුන තවත් සුළු වෙනස්කම් කිහිපයක් එකතු වෙයි කියලත් අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.

Comments

comments