Microsoft සමාගම HoloLens Development සඳහා වීඩියෝ පෙලක් හඳුන්වාදෙයි

Microsoft සමාගම HoloLens Development සඳහා වීඩියෝ පෙලක් හඳුන්වාදෙයි

2408
0
SHARE

මෙම සතියේ මුල් භාගයේදී, HoloLens Developr Edition සඳහා පෙරඇනවුම් කිරීම ආරම්භ වූ අතර, එම උපාංග මාර්තු 30 වන දින නැව්ගත කිරීමට නියමිතය. තවද Microsoft සමාගම, ඇ.ඩොලර් 3000ක මුදලක් වැය කල නොහැකි පුද්ගලයන් සඳහා developer මෙවලම් කිහිපයක් සහ emulator එකක් නිකුත් කරන ලදී.

එමෙන්ම Microsoft සමාගම, ඔබේම Windows Holographic application එකක් නිර්මාණය කරගැනීමට සහය වීම සඳහා වීඩියෝ පෙලක් නිකුත් කොට තිබෙන අතර, ඉන් පලමු වැන්න පහත දැක්වේ.

Windows Holographic යනු Windowsහි HoloLens සඳහා බලගන්වන version එක වේ. එය OEM මගින් සහතික කල හැකි Windowsහි version එකක් නිසා, අනෙකුත් ආයතන වෙත  HoloLens සඳහා තමන්ගේම versions නිර්මාණය කරගත හැකිවේ.

මෙය developersලා සඳහා අලුත්ම coding අත්දැකීමක් වනු ඇත. Windows Holographic සඳහා ඔබ නිර්මාණය කරන සෑම app එකක්ම, මින් පෙර කිසිවකු විසින් නොදුටු දෙයක් විය හැකිය. Holograms සඳහා program කිරීම සෑම කෙනෙකුටම අලුත් දෙයකි. එමෙන්ම මතු යම් දිනකදී, ඔබට අතීතය දෙස නැවත හැරී බලමින්, තමන් එහි ආරම්භයේදී, ප්‍රථම මිශ්‍ර සජීවී apps වලින් කිහිපයක් නිර්මාණය කල බව පැවසිය හැකිය.

Microsoft සමාගම සඳහන් කරන්නේ සියලු මෙවලම් නිකුත් කිරීම සඳහා තවත් කල් ගතවන බැවින්, developersලා හට එම කාලය තුලදී 3D applications නිර්මාණය පිළිබඳ හඳුනාගත යුතු බවයි.

කෙසේ වෙතත්, developersලා හට මේ මොහොතේ සිටම Visual Studio 2015 හරහා HoloLens API යොදාගැනීමෙන් තම applications නිර්මාණය කිරීම ආරම්භ කල හැකිය.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY