Microsoft ආයතනය Microsoft Teams හදුන්වා දීමට සැරසෙයි.

Microsoft ආයතනය Microsoft Teams හදුන්වා දීමට සැරසෙයි.

1670
0
SHARE

පසුගිය දිනකදී Microsoft ආයතනය නොවැම්බර් 2 වැඩසටහනක්  පවත්වන බව නිවේදනයකලා වගේම ඒ සදහා ආරාධනා කරනු ලැබුවා. ඒ වගේම ඔවුන් කියන පරිදි එම අවස්ථාව සජීවීව තමන්ගේ උපාංගයකින් නරඹන්නත් අවස්ථාව සලසනවා. මෙහිදී Microsoft ආයතනයේ CEO වන Satya Nadella අලුත්ම නිෂ්පාදනයක් එළිදැක්වීමට නියමිතයි. ඔබට මෙතනින් සජීවීව එම අවස්ථාව නරබන්න පුළුවන්.

Microsoft ආයතනයෙන් ලැබෙන ආරංචිය වලට අනුව මෙහිදී  Microsoft Teams එළිදැක්වීමට නියමිතයි. මෙම  නිෂ්පාදනය මුලදී Skype Teams ලෙස හැදින්නුවත්  Microsoft ආයතනය පසුව එය Microsoft Teams ලෙස නම් කරන්න තීරණය කලා. මෙම නිෂ්පාදනය group chat මෘදුකාංගයක් ලෙස පරිශ්‍රිලකයන්ට ලබා දීමට නියමියි.

Microsoft Teams කියන්නේ ප්‍රධාන වශයෙන්ම කණ්ඩායම් සදහා වන සන්නිවේදන මෙවලමක්. මෙම සේවාව Microsoft මගින් ලබාදෙන OneDrive, Skype, Word වැනි තවත් සේවා සමග සම්බන්ද සේවාවක්. ඒවගේම මෙය නිර්මාණය කරල තියෙන්නේ cross-platform app එකක් ලෙස. ඒනිසා Windows PC, Mac, Android smartphone, iPhone, Windows Phone සහ වෙබ් යන ඕනෙම ආකාරයකට භාවිතා කිරීමේ හැකියාව තියෙනව.

skype-teams-hero

Source : mspoweruser.com

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY