Microsoft Office 2019 අත් විඳීමට ඔබ සූදානම්ද?

Microsoft Office 2019 අත් විඳීමට ඔබ සූදානම්ද?

2892
0
SHARE

Microsoft Office කිව්වම නොදන්න කෙනෙක් නෑ කියල හිතනවා. මෑතකදී Microsoft සමාගම විසින් ඉදිරියේදී නිකුත් වීමට නියමිත Microsoft Officeහි අළුත් සංස්කරණය ගැන ප්‍රකාශයට පත් කළා. ඔවුන් කියන විදියට නම් මේ අළුත් version එක පලමු වරට කරලියට පැමිණෙන්නේ 2018 වසරේ මැද භාගයේදී. සෑම විටම update කිරීමේ සේවාවක් බවට පත් වී තිබෙන Office 365 වගේ නෙමෙයි මේ අළුත් Office 2019 සංස්කරණය Cloud භාවිතා කිරීමට අකැමැති පාරිභෝගිකයන් සඳහා විශේෂයි කියලා මතයක් පහල වෙලා තියෙනවා.

මොනවද අළුත් විශේෂාංග?

  • අළුතින් එකතු වෙන packages විදියට Microsoft Exchange, Skype for Business සහ SharePoint
  • Excel සඳහා අළුත් formulas සහ charts
  • PowerPoint සඳහා morph සහ zoom animation features (දැනටමත් Office 365හි අන්තර්ගතයි)
  • Pressure sensitivity, tilt effects සහ ink replay වැනි inking features

මේ වසර මුලදී Microsoft සමාගම ප්‍රකාශ කරල තිබුණා අළුත් වෙනස්කම් කීපයක් Office සඳහා හඳුන්වා දීමට සැරසෙන බව. ඒ අනුව 2020 වසර ආරම්භ වන විට, දැනට පවතින Office  products වලට තවදුරටත්, Office 365 සේවාවන්ට සම්බන්ධ වීමට නොහැකි වන බවයි Microsoft ආයතනය විසින් පවසන්නේ. Windows Insidersලාට 2018දී Office 2019 preview version එකක් හිමි වන බවත් දැනට අනාවරණය වෙලා තියෙනවා.

ඔයාලත් අනාගතේදී මේ office version එක install කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න. ඒක විශේෂ අත්දැකීමක් වෙයි කියලා හිතන්න පුළුවන්. Office 2019හි අළුත් features ගැන පොඩි හැඳින්වීමක් මේ video clip එකෙන් ඔයාලට ගන්න පුළුවන්.

Source: https://www.theverge.com/2017/9/26/16366150/microsoft-office-2019-features-release-date

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY