Windows 10 වෙත upgrade කිරීමට තේරීම් දෙකක්..

Windows 10 වෙත upgrade කිරීමට තේරීම් දෙකක්..

2141
0
SHARE

නිල වශයෙන් නිකුත් කිරීමෙන් පැය 24කට පසුව මිලියන 14ක පමණ උපාංග ප්‍රමාණයක ඇතුලත් වූ Windows 10, නිකුතුවෙන් මසක් ගත වන විට භාවිත කරන්නන් මිලියන 75ක ප්‍රමාණයක් දක්වා වර්ධනය විය. දැනට එම ප්‍රමාණය නිශ්චිතව සඳහන් නොවූවත්, අවසන් වරට Microsoft සමාගම මගින් දෙමසකට ඉහතදී නිල වශයෙන් දන්වා සිටි අන්දමට එම ප්‍රමාණය මිලියන 110ක් ඉක්මවිය.

වර්තමාන භාවිත කරන්නන්ගේ ප්‍රමාණය කෙසේ වෙතත්, ඉදිරි සති කිහිපය තුලදී එම ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහල යනු ඇත. එයට හේතුව වන්නේ Microsoft සමාගම Windows 7 සහ 8.1 භාවිත කරන්නන් වෙත නව OS එක සඳහා upgrade කිරීමට සිදුකරන පෙළඹවීම නවමුහුණුවරක් ගැනීමයි.

Microsoft සමාගමේ පැරණි operating systemsවල ඇතුලත් වූ, Windows 10 වෙත upgrade කිරීම පහසු කිරීමේ ‘Get Windows 10’ විශේෂාංගය, නව්‍යකරණය වීම නිසා භාවිත කරන්නන් හට upgrade කිරීම සඳහා දැඩි පෙළඹවීමක් සිදුකරයි.

get-windows-10-dec2015

නව ‘Upgrade to Windows 10’ පණිවිඩය මගින් භාවිත කරන්නන් වෙත පැහැදිලිවම තේරීම් දෙකක් ලබාදී ඇත. ඒ “Upgrade Now” හෝ “Upgrade Tonight” වශයෙනි. එමගින් upgrade කිරීම සඳහා ගත කරන කාලය සීමා කොට තිබේ.

භාවිත කරන්නන් හට ‘X’ button එක මගින් window එක close කල හැකි බව පෙනුනත්, තාක්ෂණික දැනුමින් අඩු භාවිත කරන්නන් හට එක එල්ලේම එය වටහා ගැනීමට අපහසු වන ඇත. තවද පණිවිඩයේ සඳහන් “upgrading to Windows 10 is free for a limited time” හේතුවෙන්, සමහර භාවිත කරන්නන් window එක close කිරීමෙන්, පසු දිනෙක නොමිලේම upgrade කරගැනීමට ඇති හැකියාව අහිමිවී යනු ඇතැයි සිතා ඉන් වැලකී සිටීමටද පුලුවන.

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY