SHARE

Microsoft සමාගම ඔවුන්ගේ Office Insider වැඩසටහන ආරම්භ කර තිබෙනවා. මෙම වැඩසටහන සමඟ එක් වන සාමාජිකයන්ට Office හි නව අංග මහජන නිකුත් කිරීමට පෙර අත්විදින්නට හැකියාව ලැබෙනවා. මේ වැඩසටහනට සම්බන්ධ විය හැක්කේ Office 365 පාරිභෝගිකයන්ට පමණයි. O365 Home, Personal හෝ University පාරිභෝගිකයන්ට මේ අනුව preview builds ලබා ගැනීමට හැකි වෙනවා. දැනට O365 Business පාරිභෝගිකයන්ට මෙයට සම්බන්ධ විය නොහැකියි. නමුත් ඔවුන්ටත් Office First Release හරහා මේ builds ලබා ගත හැකි වෙනවා.

දැනට පවතින Windows Insider වැඩසටහන මෙන්ම මෙහිදීත් සාමාජිකයන්ට නව අංග අත්හදා බලන්නට හැකියාව ලැබෙන අතර එහිදී ඇති වෙන ගැටළු සහ දෝශ Microsoft සමාගමට සෘජුවම දැනුම් දීමට හැකියාව ලැබෙනවා. Windows Insider වැඩසටහනේදී මෙන් නොව මෙයට සම්බන්ධ වන්නට මුදල් ගෙවා ලබා ගත යුතු O365 දායකත්වයක්හිමි විය යුතුයි. මේ වැඩසටහන Windows PC සහ Android apps සඳහා ලැබෙන අතර දැනට Mac අනුවාදයට නම් සහයෝගය දක්වන්නේ නැහැ. ඔබත් මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න කැමතිනම් මේ Link එකට යන්න.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY