ප්‍රථම Windows 10 Mobile modular දුරකථනය 2016 වසරේදී වෙළඳපොළට

ප්‍රථම Windows 10 Mobile modular දුරකථනය 2016 වසරේදී වෙළඳපොළට

ප්‍රථම Windows 10 Mobile Modular දුරකථනය 2016 වසරේදී වෙළඳපොළට පැමිණෙන ලකුණු

3064
1
SHARE

ජර්මානු ස්මාර්ට් දුරකථන නිපදවන්නෙකු වන Shift සමාගම 2016 වසරේදී modular ස්මාර්ට් දුරකථනයක් වෙළඳපොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව නිවේදනය කර තිබෙනවා. පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයට අනුව Android 5.5 හෝ Windows 10 Mobile මෙහෙයුම් පද්ධතිය තෝරා ගන්නට පුළුවන්. Shift5+ ලෙස නම් කර ඇති මෙම ස්මාර්ට් දුරකථනය දෙසැම්බරයේ සිට පෙර ඇණවුම් සඳහා විවෘත වෙනු ඇත.

මේ උපාංගයේ පිරිවිතර නම් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ. නමුත් සමාගමට අනුව අඟල් 5ක IPS LCD තිරයක්, Snapdragon quad-core හෝ octa-core CPU එකක්, ගිගාබයිට් 2 කට වැඩි RAM එකක්, ගිගාබයිට් 32 ක ආචයන ඉඩක් සහ 13MP සහ 5MP කැමරාවක් සමඟින් පැමිණෙනු ඇත. තවද ගැලවිය හැකි මිලිඇම්පියර් පැය 2500 ත් 3000 ත් අතර බැටරියකින් සමන්විත වෙනු ඇත. දුරකථනයෙහි අවසාන පිරිවිතර දෙසැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කරන අතර මෙහි සමහර කොටස් හානි වූ විට පරිභෝගිකයාටම හුවමාරු කර ගැනීමට හැකි වෙනු ඇත.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY