Microsoft සමාඟම උපාධි පාඨමාලාවක් හදුන්වා දෙයි

Microsoft සමාඟම උපාධි පාඨමාලාවක් හදුන්වා දෙයි

2442
1
SHARE

අපිට පසුගිය Microsoft’s Worldwide Partner සම්මන්ත්‍රණයේදී හොද ආරංචියක් අහන්න ලැබුණ. ඒ Microsoft Professional Degree (MPD) උපාධි පාඨමාලාව ගැන. MPD ප්‍රධාන වශයෙන් අවධානය යොමුකරල තියෙන්නේ Data Science ක්ෂේත්‍රයට. මේ පාඨමලා පෙළ හදල තියෙන්නේ Open edX සහ Azure platform එක යොදාගෙන.

Microsoft Professional Degree – Data Science Pilot කියන්නේ  මොකක්ද?

හදුනාගෙන තියෙන විදිහට Data Scientists  විදිහට අවශ්‍ය සුදුසුකම් සපුරාලන පුද්ගලයන් ඉන්නේ ඉතාමත් සුළු පිරිසයි. මේ අඩුව පුරවන්න අවශ්‍ය පිරිසට අවශ්‍ය  කුසලතා සහ දැනුම ලබාගන්න Microsoft එකෙන් හදල තියෙන පාඨමලා පෙළක් MPD – Data Sciece කියන්නේ.

Microsoft Professional Degree වැඩසටහන සමග සම්බන්ද වීමට සලකා බැලිය යුත්තේ ඇයි?

වර්තමානයේ තාක්ෂණ විද්‍යාවේ, දත්ත විද්‍යාව(Data Science) වේගයෙන් වර්ධනය වන අලුත්ම ක්ෂේත්‍රයක්. මේ ක්ෂේත්‍රයේ සාර්ථක නව රැකියාවක් සදහා මේ සම්බන්ද හොද දැනුමක් වගේම අත්දැකීමක් ඕනෙ. මේ සදහා අවශ්‍ය කුසලතා ලබාදීමට Microsoft Professional Degree වැඩසටහනේ අධ්‍යයන පටිපාටිය හදල තියෙන්නේ  මේ ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන් උපයෝගී කරගෙන.

Microsoft Professional Degree වැඩසටහනට යන වියදම?

මෙහිදී මේ එක් එක් පාඨමලා කරන්න තියෙන්නේ edX වල. ඔයාලට මෙහි සහතිකය සදහා ගෙවීමක් කරන්න වෙනවා. මෙහි මිල ගණන් සහ මිලදී ගැනීම ගැන වැඩි විස්තර edX වෙබ්අඩවියෙන් දැනගන්න පුළුවන්.

Born To Learn වෙබ් අඩවිය ඇසුරිනි

Comments

comments