නවතම අංග සහ interface tweaks සමගින් අළුත් වුන Microsoft Teams

නවතම අංග සහ interface tweaks සමගින් අළුත් වුන Microsoft Teams

2096
0
SHARE

Microsoft Teams කියන්නෙ Office 365 හි භාවිතා කරන chat- based work space එකක්. Microsoft සමාගම කුඩා නමුත්, ඉතා වැදගත් වූ අංග සහ interface tweaks සමගින් Teams නවීකරණය කර තිබෙනවා. එහි ආසන්නතම update එක අනුව පහත පහසුකම් Teams භාවිතා කරන්නන්ට සලසා දී තිබෙනවා.

Wiki Supports Markdown – දැන් ඔබට Wiki හිදී Markdown භාවිතා කල හැකියි. (නිරවුල් text formatting syntax එකක් සහිත light weight (සැහල්ලූ) markup language එකකි. මෙය නිර්මාණය කර ඇත්තේ HTML සහ තවත් formats රැසකට පරිවර්තනය පහසු කිරීමටයී). ඔබ Markdown භාවිතා කරන්නෙ නැති නම් එම formatting options සියල්ල tool bar එක හරහා access කරන්න සිදු වෙනවා. Wiki sections format කිරීමට යොදා ගන්නේ chats සහ messaging සදහා භාවිතා කරන Markdown Syntax එකමයි.

Link to a channel or team – Channel / Team Name ආසන්නයේ ඇති More අයිකනය මගින් පහසුවෙන්ම link එකක් share කිරීමේ හැකියාව ලබා දෙනවා. ඔබට තිබෙන්නේ message එකක හෝ e-mail එකක ඇති link එක copy paste කිරීම පමණයි.

A Better Viewing Experience – channels මගින් පෙන්වන ඔබගේ files වලට performance improvements කීපයක් එක් කර තිබෙනවා. දැන් ඔබ අදාල files navigate කරන විට එය ඉක්මනින් load වනු ඇති.

New refresh button – හැම channel එකකම files tab හි ඉහල කෙලවරේ refresh button එකක් එකතු කර තිබෙනවා. එමගින් ඔබ අවසන් වරට පරීක්ෂා කල මොහොතේ සිට ලැබී ඇති new files සහ සිදු වූ වෙනස්කම් සියල්ල ඉක්මනින් පෙන්වා දෙනු ලබනවා.

New Upload Indicator – ඔබ Files View එකට හෝ channel එකේ One Drive එකට file එකක් upload කරන විට මෙම නවතම indicator එක මගින් uploading progress එක පෙන්වා දෙනවා. එමගින් ඔබට එකවිට files කීපයක progress එක බලා ගැනීම හෝ එය cancel කිරීමේ පහසුකමද ලබා දෙනවා.

ඔබ දැනටමත් Microsoft Teams භාවිතා කරන්නෙක් නම් මෙම latest ම version එකේ අළුත් වෙනස්කම් සියල්ල දැනටමත් අත් විදල ඇති. මෙම හදුන්වා දී ඇති නවතම අංගයන් භාවිතා කර ඔබටත් ඔබේ රාජකාරි කටයුතු පහසුවෙන් විසදා ගත හැකියි.

source : Windows Central

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY