මොකක්ද මේ Dynamics 365 කියන්නේ?

මොකක්ද මේ Dynamics 365 කියන්නේ?

2529
1
SHARE

Madeira කියන කේත නාමය යටතේ 2016 ජූලි මාසයේ තමයි Microsoft සමාගම විසින් මේ Dynamics 365 කියන  system එක ලෝකයට හඳුන්වලා දෙන්නේ. මේ system එකේ විශේෂත්වය තමයි මේක cloud-based system එකක් වෙන එක. නමුත් මේ system එක on-premises භාවිතා කරන්නත් පුළුවන්. කෙටියෙන්
කිවුවොත් ඕනෑම සංවිධානයකට ඒ අයගේ මෙහෙයුම් කටයුතු, සංවිධානයට වාසි ගෙනෙන කටයුතු බවට හරවා දීම තමයි අරමුණ. ඒ නිසා මේ system එක ව්‍යාපාර කටයුතු ගැන අවධානයෙන් ඉන්න අයට නම් ගොඩක් වැදගත් වේවි.

Dynamics 365 හඳුන්වද්දී අපිට හමුවෙන ප්‍රධානම සංකල්ප දෙකක් තමයි Customer Relationship Management (CRM) සහ Enterprise Resource Planning (ERP). CRM කියන්නේ සංවිධානයක් ඒ අයගේ වර්තමාන සහ අනාගත පාරිභෝගිකයන් සමග පවත්වන සම්බන්ධතාවය කළමනාකරණය කිරීම. ERP කියන්නේ ව්‍යාපාරයක මෙහෙයුම් කටයුතු තාක්‌ෂණය යොදාගෙන integrate කරලා කළමනාකරණය කරන software එකක්. අපේ ප්‍රධාන මාතෘකාව වෙන Dynamics 365 කියන්නේ මේ CRM සහ ERP කියන සංකල්ප දෙකේම එකතුවක්. ඒ කියන්නේ Dynamics 365 තමයි Microsoft සමාගම දැනටමත් හඳුන්වලා දීල තියන ERP Plays (eg : Microsoft Dynamic GP, Microsoft Dynamic Nav, Microsoft Dynamic AX) සහ CRM Plays (eg : Microsoft Dynamic CRM) එකතු කරලා හදපු අලුත්ම system එක. Microsoft සමාගම මේ system එක හඳුන්වලා දුන්නේ සංවිධාන වල මෙහෙයුම් කටයුතු වල flexibility සහ extensibility උපරිම කරන අරමුණින් බව වාර්තා වල සඳහන්.

සාමාන්‍යයෙන් enterprise software වල දී වෙන්නේ කැමති විදියකට customize වෙන database එකක් භාවිත වෙන එක. ඒත් customized database භාවිතයේදී ඇතිවන ගැටළුවක් තමයි integrate කිරීම සහ upgrade කිරීමට අපහසු වීම. නමුත් Dynamics 365 දී Microsoft සමාගම උත්සහා කරලා තියනවා, භාවිත වෙන database schema එක standardize කරලා consistency වැඩි කරන්න. ඒකට පිලියමක් විදියට ඒ අය යොදාගෙන තියෙන්නේ common data model එකක් follow කරන එක. මේකේ දී ඒ අයට තමන්ගේ applications සහ customization පහසුවෙන් deploy කරන්න පුළුවන්. ඒ වගේම මේ නිසා system එකට standardized API එකක් තියන ඕනෑම application එකක් සමග, Power BI, Azure IOT, Cortana Intelligence වගේ ඕනෑම දෙයක් සමග උනත් පහසුවෙන්ම කටයුතු කරන්නත් පුළුවන්.

Microsoft සමාගම විසින් මේ system එක editions දෙකකින් හඳුන්වලා දීලා තියනවා. එකක් තමයි Enterprise Edition එක. මේ edition එක Microsoft Dynamics AX and Microsoft Dynamics CRM කියන කොටස් දෙකේ එකතුවක්. Operations, Sales, Marketing, Customer Service, Project Service, Field Service කියන modules 6 ක් ඇතුලත් මේ edition එක 250 කට වැඩි සේවක පිරිසක් ඉන්න සංවිධාන වලට තමයි ඒ අය recommend කරලා තියෙන්නේ. අනිත් එක තමයි Business Edition එක.  Financials, sales, Marketing කියන modules තුනේ එකතුවක් වෙන මේ edition එක recommend කරලා තියෙන්නේ සේවක පිරිස 10-250 ත් අතර ඉන්න සංවිධාන වලට.

Dynamics 365 කියන්නේ අඩු පිරිවැයකින් වැඩි වාසි ලැබෙන system එකක්. බොහෝ අය හිතුවේ මේක නිසා Microsoft සමාගම මම කලින් කියපු ERP Plays, CRM Plays develop කරන එක නවතා දමාවි කියල. ඒත් ඒ අය කියන විදියට Dynamics 365 වගේම ERP, CRM plays වැඩිදියුණු වේවි. ඒ නිසා මේ system එකේ තවත් වාසිදායක වෙනස්කම් අපිට ඉස්සරහටත් බලාගන්න පුළුවන්.

Sources: encorebusiness.com and wikipedia.org

Comments

comments

1 COMMENT

LEAVE A REPLY