Microsoft සමාගම Microsoft WiFi නමින් නවතම සේවාවක් හදුන්වා දීමට යයි. මෙය ඇත්තටම පැරණි Skype WiFi සේවාවට නව අංග එක් කොට නව නමකින් හදුන්වා දීමක්. Skype Wifi සේවාව හරහා pay-as-you-go ලෙසට WiFi සබදතාවය ලබා ගත හැක. මෙසේ connect විය හැකි Local hotspot සොයා ගැනීමටද මෙම App එක මගින් උදව් කරනවා. මෙහිදී data cap නැතුව භාවිතා කරන කාලය සදහා ගෙවීමක් සිදු කල යුතුය.
නවතම Microsoft WiFi සේවාව පැමිණීමත් සමග Skype WiFi සේවාව විශ්‍රාම ගන්වනු ලබාවි. Local Hotspot එකක් සොයා ගැනීම සහ එයට connect වීම මෙහි ප්‍රධාන අරමුණයි. නමුත් මේ සේවාවන් දෙක අතර වෙනස්කම් තියෙනවා. එකක් තමයි Microsoft WiFi සේවාව Office 365 Enterprise subscribers හට ලබා හැකි වීම. දෙවැනි වෙනස තමයි පෙර Skype WiFi හි දී මෙන් Skype Credits මෙහිදී භාවිතා කල නොහැකි වීම. මෙය ක්‍රියාත්මක වන්නේ subscription සේවාවක් ලෙසටයි.කෙසේවෙතත් Microsoft සමාගම නිල වශයෙන් මෙම සේවාව ප්‍රකාශ කර නොමැති නිසා ගාස්තු පිළිබද වැඩි තොරතුරක් වාර්තා වන්නේ නැහැ.
Skype WiFi සේවාවේදී ඔවුන් පැවසුවේ ලොව පුරා මිලියන 2 ක් hotspots සම්බන්ධ කර ගන්නා බවයි. නමුත් නව Microsoft WiFi සේවාවේදී ලොව පුරා WiFi Hotspot මිලියන 10 ක් සමග සම්බන්ධ වන බවයි පැවසෙන්නේ. එය පැහැදිලි වර්ධනයක්.
තවත් එක් වැදගත් ලක්ෂණයක් තමයි මේ සේවාවෙහි apps සියලුම Windows උපාංග, Android සහ iOS සදහාද ලබා ගත හැකි වීම.
What’s up, yup tҺіs article is in fɑct fastidious аnd Ӏ ɦave learned lot
of thіngs from іt on the topic օf blogging. thanks.
This piece ߋf writing will helρ tɦе internet visitors fօr setting սр new website or even a weblog from start to end.
This post is priceless. Where can I find out morе?