Windows 10 සදහා System Requirements මෙන්න

Windows 10 සදහා System Requirements මෙන්න

24566
4
SHARE

අද දිනයේ Microsoft සමාගම ප්‍රකාශයට පත් කලා Windows 10, ජුලි 29 නිකුත් කරනවා කියල. ඒත් එක්කම මෙම නව මෙහෙයුම් පද්ධතිය සදහා අවශ්‍යය වන Hardware Requirements ද ප්‍රකාශ කලා. විශේෂත්වය වන්නේ 2007 දී නිකුත් කල windows Vista සදහාද අවශ්‍යය වුවේ මේවාට බොහෝ දුරට සමාන requirements වීමයි. ඒවා පහත පරිදිය,

 

  • Processor: 1 gigahertz (GHz)  faster processor හෝ SoC
  • RAM: 32-bit සදහා 1 gigabyte (GB) සහ 64-bit සදහා 2 GB
  • Hard disk space: 32-bit OS සදහා 16 GB සහ 64-bit OS සදහා 20 GB
  • Graphics card: DirectX 9 හෝ later with WDDM 1.0 driver
  • Display: 1024×600

ඔබේ පරිගණකයෙහි Windows 10 ධාවනය කරන්නට අවශ්‍යය Hardware Requirements බොහෝ අඩු වුවත්,Windows 10 හි හදුන්වා දෙන නවතම විශේෂාංග අත්විදින්නට නම් පහත අමතර සුදුසුකම් සපුරන්නට වේවි.

1. Coratna දැනට ක්‍රියාත්මක වන්නේ United States, United Kingdom, China, France, Italy, Germany සහ Spain යන රටවල් වල පමණයි.

2. Speech recognition සේවාව ඔබේ device එකේ microphone මත රැදේවි. හොදම අත්දැකීම ලබන්නට නම් ඔබට High fidelity microphone array අවශ්‍යය වෙනවා.

3. Windows Hello සදහා විශේෂ illuminated infrared camera සහ finger print reader අවශ්‍යය වෙනවා.

4. සියලුම Windows සංස්කරණ සදහා Continuum විශේෂාංගය ඇතුලත්.

5. Xbox Music හෝ Xbox video හරහා Music සහ Video stream කල හැක්කේ තෝරා ගත් රටවල් වල පමණයි.

6. Two factor authentication සදහා PIN, Biometric (finger print reader හෝ illuminated infrared camera) හෝ WiFi හෝ Bluetooth capabilities සහිත phone එකක් අවශ්‍යය.

Comments

comments

4 COMMENTS

  1. එල XP දාපු සමහර Pc වලත් මේ OS එක දාන්න පුලුවන් වෙයි. මමනම් Linux මේකේ system requirements දැක්කාම මටත් ආස හිතුනා මේක දාලා බලන්න.

    මම දැක්කා ගොඩක් විදෙස් සයිට් වල තියෙනවා Windows Open Source කරලා Free දෙන කතාවක් ඒක බොරුවක් ද ?

LEAVE A REPLY