Windows Store සමඟින් එන Movie Edit Pro Plus වලින් Video edit කරලා...

Windows Store සමඟින් එන Movie Edit Pro Plus වලින් Video edit කරලා තිබෙනවද?

2667
0
SHARE

මොකක්ද මේ Movie Edit Pro Plus කියන්නේ? මේ ගැන ඔබ එතරම් දැනුවත් නැතුව ඇති. ඇත්තටම අපි ගත්තොත් Windows Store එකේ හුගක්ම Professional Video Editing Software දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් මේ Movie Edit Pro Plus software එක මේ හැම software එකකටම තරගයක් දෙන්න පුළුවන් විදිහේ software එකක්.

මේ software එක මෑතකදී Windows Store වලට ආවට ඇත්තටම මේ software එක MAGIX කට්ටියගේ නිර්මාණයක්. මේක නිර්මාණය වෙන්නේ 1993 වසරේදී බර්ලින් වල තියෙන MAGIX ප්‍රධාන මුලස්ථානයේදී. දැන් කල්පනා කරනවා ඇති මොකක්ද මෙච්චර මේ කියන MAGIX කියල. MAGIX කියන්නේ අද ලෝකයේ පවතින multimedia software නිර්මාණ කරුවන් අතරින් ඉදිරියෙන්ම සිටින පිරිසක්. මෙයාලගේ software ආධුනිකයන් වගේම ප්‍රවීනයන් අතරත් සැහෙන්න ප්‍රසිද්ධියක් උසුලනවා. MAGIX, German වගේම තවත් යුරෝපා රටවල් ගණනාවක marketing leader විදිහට සිටිනවා.

අපි දැන් බලමු කොහොමද මේ software එකේ හැකියාවන් කියලා. මේ Application එක support කරනවා 10-bit HEVC videos වලට වගේම 360′ videos වලටත්. image හා sound සම්බන්ධ track 99ක් වෙනකන්ම පාවිච්චි කරලා complex video editing projects කරගෙන යන්න පුළුවන්. මේ application එක මගින් lens reflection, color curves, cutting die, Gaussian blur හා glow වගේ video effects වලට මුල් තැන දී  තිබෙනවා. ඒ වගේම OPEN FX interface එක හරහා Media Pool එක තුල තිබෙන ඕනෑම plug-in එකක් apply කරගැනීමේ හැකියාව පවතිනවා. ඔබ හදන video එකක් හෝ Movie Edit Pro Plus යොදාගෙන edit කලොත් ඔබ වැඩ ඉවර කරපු videos කෙලින්ම Facebook, YouTube හා Vimeo වගේ ප්‍රධාන Social Media වල ඉන්න ඔයාලගේ යාලුවන්ටත් බලන්න යවන්න පුළුවන්.

අලුත්ම update එකත් එක්කම frame navigation හා timeline zoom වගේ අලුත්ම features එකතු වෙලා තිබෙනවා. මේවා නිසා අවසන් නිර්මාණය තවත් හොද finishing එකක් ගන්න පුළුවන්කම ලැබිල තිබෙනවා.

අපේ ඉස්සර ඉදන්ම ජනවහරේ කතාවක් තියෙනවා, ලාබ බඩුවේ හිලක් කියලා. ඒ නිසාමද දන්නෙත් නෑ Movie Edit Pro Plus එකේ වෙළදපොල මිල $89.99ක් පමණ වෙනවා. ඒත් ඇත්තටම Professional Video Editing Applications පාවිච්චි කරන හැමෝම දන්නා දෙයක් තමයි හොද app එකක් ගන්න එක සුළු මුදලකට කරන්න බෑ කියන එක. මේක නිර්මාණය කරපු developersලා ඔබට සහතික වෙනවා ඔබට මේ මුදල වියදම් කරලා මේක ලබාගත්තට ඔබට සතයකින්වත් පාඩුවක් නොවන බවට. නමුත් ඇත්තටම ඔබ professional video editor කෙනෙක් නෙමෙයිනම් ඔබට $59.99කට මේ Application එක ලබාගැනීමේ හැකියාව පවතිනවා. හැබැයි ඔබට සුළු සීමාකිරීම් කිහිපයක් ලැබෙනවා. Multicam Editing හා 360′ video editing මේ version එක සදහා ලැබෙන්නේ නෑ.

ඇත්තටම මේ application එක සම්බන්ධව www.toptenreviews.com වෙබ් අඩවිය නිකුත් කරපු review එක බලන ඔබට තේරුම් ගන්න පුළුවන් මෙහි වටිනාකම. video editing software එකකට ලබාදෙන Silver Award එකෙහි හිමිකරුවා වන්නේ MAGIX Movie Edit Pro Plus Application එකයි. අද වෙනකොට නිර්මාණය වෙලා තියෙන හුගක් Hollywood Movies වගේම TV Series වල නිර්මාණය කිරීමටත් මෙය යොදාගෙන තිබෙනවා.

Source: https://www.onmsft.com/news/movie-edit-pro-plus-is-one-of-the-best-windows-10-video-editing-app-on-the-windows-store 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY