Microsoft මිලදී ගත යුතුම සමාගම් 7 මෙන්න

Microsoft මිලදී ගත යුතුම සමාගම් 7 මෙන්න

3191
1
SHARE

ලොව ප්‍රමුඛ සමාගම් සෑම විටම උත්සහ කරන්නේ තම බලය, එහෙමත් නැත්නම් ආර්ථිකමය වටිනාකම වැඩි කර ගන්නට. ඒ සදහා සිදු කරන ප්‍රධාන කටයුත්තක් තමයි වෙනත් සමාගම් මිලදී ගැනීම. තාක්ෂණික ලොවෙත් එය එසේමයි. Microsoft සමාගමත් එසේමයි. හැබැයි තරමක කාලයක් යනතෙක් Microsoft සමාගමට Mobile Devices ක්ෂේත්‍රයේ නම් වැඩි බලයක් තිබුනේ නැහැ.නමුත් Windows 10 පැමිණීමත් සමග cross-platform සමඟ මේ තත්වය උඩු යටි කුරු වනවා නොඅනු මානයි. මේ වන විට Microsoft සමාගම නව සමාගම් අත් කර ගන්නා ප්‍රධාන අපේක්ෂකයා බවට පත්ව තිබෙනවා. එයට හොදම උදාහරණ තමයි පසුගිය කාලයේදී ඩොලර් බිලියන 7.2 කට Nokia සමාගම හා ඩොලර් බිලියන 2.5 කට Minecraft හි හිමිකාරීත්වය දරන Mojang ආයතනය මිලදී ගැනීම. ඒ නිසා Microsoft සමාගම වෙනත් සමාගම් මිලදී ගැනීමට මැලි කමක් නොදක්වන බව පැහැදිලිය. එබැවින් පහත සමාගම් මිලදී ගතහොත් තවත් ඔවුන්ගේ සීමා පුළුල් කර ගැනීමට හැකි වෙනු ඇත.

1. Square

Twitter හි හිටපු ප්‍රධාන විධායක නිලධාරියා වන Jack Dorsey විසින් ආරම්භ කෙරුණු මුදල් ගෙවීම් ආශ්‍රිත සමාගමකි. Microsoft සමාගමට භාණ්ඩ ගැනීමේ හා විකිණීමේ ඇල්මක් නොතිබුනත්, මේ Square හි තාක්ෂණය අනාගත උපාංග සමග පැමිණිය හැකිය. Square සමාගම ඩොලර් බිලියන 5 ක පමණ වටිනා කමකින් යුක්තයි. Square මිලදී ගතහොත් Microsoft සමාගමට පරිගණක සහ enterprise මෘදුකාංග ඉක්මවා නව ආර්ථික වාසී ලබා ගැනීමට හැකි වේවි.

2. Dropbox

Microsoft සමාගමට දැනටමත් OneDrive නමින් Cloud Storage සේවයක් හිමියි. දැනට ඩොලර් බිලියන 10 කට වැඩි වටිනා කමකින් යුක්ත Dropbox සමාගම මිලදී ගතහොත්, OneDrive සහ DropBox හි අංග එක්කොට අනර්ග Cloud Storage සේවයක් ලබා දීමට Microsoft සමාගමට හැකි වෙනු ඇත.

3. Jawbone

මේ වන විට wearables සදහා ඉහල ඉල්ලුමක් තිබෙනවා. එබැවින් මේ අවස්ථාව මග හැරීම Microsoft සමාගමට විශාල අවාසියක් වෙනු ඇත. Jawbone කියන්නේ දැනටමත් පිළිගත් Wearables නිපදවන සමාගමක්. මේ සමාගමට ඩොලර් බිලියන 3.3 ක පමණ වටිනාකමක් තිබෙනවා. ඔවුන්ගේ උපාංග සැලසුම් බෙහෙවින්ම Windows 8 සහ Windows Phone හා ගැලපෙනවා.

4. Adobe

දැනටමත් පිළිගත් ස්ථාපිත වී ඇති සමාගමක් තමයි Adobe කියන්නේ. ඔවුන් photographers, video editors, web designers සදහා නිර්මාණාත්මක උසස් ගණයේ මෘදුකාංග නිෂ්පාදනය කර විශාල නමක් දිනා සිටින සමාගමක්. එය ඩොලර් බිලියන 40 ක වටිනාකමකින් යුක්තයි. ඒ Microsoft සතුව ඇති වත්කමින් හරි අඩක් සහ ඔවුන්ගේ මාස 18 ක ලාභය. මෙම සමාගම මිලදී ගතහොත් Microsoft සමාගමට නව වාසි රැසක් අත් වනු ඇති.

5. Valve Corporation

Microsoft සමාගම XBox Console එක සමගින් Games සදහා වූ විශේෂ Hardware සදහා වෙලදපොලේ වැඩි කොටසකට හිමිකම් කියනවා. නමුත් Microsoft සමාගම පරිගණක ආශ්‍රිත Gamers ලා අතර නම් වැඩි අවධානයක් දිනා ගෙන නැහැ. PC gamers ලා ගෙන් බහුතරය මෙහෙයුම් පද්ධතිය ලෙස යොදා ගන්නේ Windows. Valve(Half-Life සහ Steam) සමාගමට නම් පුද්ගලික පරිගණක Gamers ලගේ ඉහල ඉල්ලුමක් තිබෙනවා. අන්න ඒ නිසා Microsoft සමාගම මෙය මිලදී ගත යුතුය. Steam නිවේදනය කර තිබෙනවා මිලියන 125 ක ජනතාවක් ඔවුන්ගේ සේවය භාවිතා කරන බව. මේ අතර ඔවුන්ගේ වටිනාකම ඩොලර් බිලියන 4ක් පමණ වෙනවා.

6. Box

Satya Nadella ප්‍රකාශ කර තිබුනා Microsoft සමාගම cloud-first සමාගමක් කියලා. Box සමාගම Aaron Levie විසින් 2005 වසරේදී ආරම්භ කර ඇත. ඔවුන්ගේ වෙළදපොළ වටිනාකම ඩොලර් බිලියන 2 ක් පමණ වෙනවා. ඔවුන්ගේ සේවාවෙහි ඇති විශේෂත්වය තමයි භාවිතයට ඉතා පහසු User Interfaces.
Dropbox සහ Box සමාගම් දෙකම මිලදී ගැනීම අතිරික්තයක් විය හැකියි. නමුත් මෙම සේවාවන් දෙක වෙනස් වෙළදපොළවල් සදහා අරමුණු වී ඇති නිසා,එය එසේ වන්නේ නැහැ.

7. Evernote

Evernote මිලදී ගැනීමේ අරමුණ විය යුක්තේ One Note වලට වඩා පහසුකම් සහිත සටහන් ලබා ගන්නා සේවාවක් හදුන්වා දීමයි. Microsoft දැන් data-driven සමාගමක්. පාරිභෝගිකයන් පැහැදිලිවම Windows උපාංග තුල සටහන් තැබීම සිදු කරනවා. එබැවින් ඒ සදහා අවදානය යොමු කිරීම වැදගත්. Evernote මේ වන විට ඩොලර් බිලියනයක වටිනාකමකින් යුක්තයි. Evernote enterprise මොඩලයේදී මසකට එක් භාවිත කරන්නෙකුගෙන් ඩොලර් 10 ක් අය කරනවා.

මුලාශ්‍රය

Comments

comments

1 COMMENT

LEAVE A REPLY