Microsoft සමාගම විසින් හඳුන්වාදුන් අලුත්ම B2B IoT Device එක දැන් ඔබේ...

Microsoft සමාගම විසින් හඳුන්වාදුන් අලුත්ම B2B IoT Device එක දැන් ඔබේ අතට

3233
1
SHARE

Microsoft සමාගමෙන් හඳුන්වා දුන් IoT device එකක් ගැනයි මේ ලිපිය හරහා කතා කරන්න හිතුවේ. ගිය අවුරුද්දේ ඔක්තොම්බර් මාසේ Microsoft සමාගම විසින් නිකුත් කරපු එයාලගෙ Microsoft Band 2 කියන device එකේ විකිණුම් වාර මේ වනවිට අවසන් කර තිබෙනවා. ඒකෙන් පස්සෙ නිකුත් වෙනවා කියල තිබ්බ Microsoft Band 3 version එකේ news, photos එළියට ආවත් Microsoft සමාගම ඒ නිෂ්පාදනය අත් ඇරල දැම්මා. ඒත් වර්තමානෙ වෙද්දී Microsoft සමාගම එවැනි වෙනත් උපාංගයක් හඳුන්වල දීල තියෙනවා,ඒ විශේෂයෙන්ම වෙළඳ  පාරිභෝගිකයින් වෙනුවෙන්. මේක නිෂ්පාදනය කරන්නෙ ජර්මනියේ සමාගමක් වන TrekStor සමාගම විසින්. දැනට මේ device එක හඳුන්වන්නෙ “B2B commercial-grade wearable” කියලයි. මේ උපාංගය ක්‍රියාත්මක වෙන්නෙ Windows 10 මෙහෙයුම් පද්ධතිය සහ Windows10 IoT Core කියන Microsoft software platform එක මත.

Microsoft සමාගම කියන විදියට මේ device එක cloud සේවාව සමග සම්බන්ධව පවතින අතර මෙය හරහා Universal Windows applications කීපයක්ම run කිරීමේ හැකියාවක් තියෙනවා. එයාල කියන විදියට මේ නිෂ්පාදනය මගින් ව්‍යාපාරයේ තොග පාලනය, කර්මාන්තශාලාවක automate කරන දේවල් පාලනය, රෝගියෙක්ගේ සනීප තත්වය විමසීම වගේ කටයුතු සමහරක් පහසුවෙන් කරගන්න පුළුවන්.

මේ උපාංගයේ features ගැන දැන් බලමු. මේකට අඟල් 1.54ක display එකක් තියෙනවා. ඒත් එක්කම Wi-Fi, Bluetooth සහ voice messaging පහසුකම් අන්තර්ගත වෙලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනෙ මේ device එකට සෑහෙන හොඳ බැටරි ආයු කාලයක් තියෙනව දවසේ වැඩ ටික කරගන්න ප්‍රමාණවත් තරම්. මේකෙ තිරය scratch-resistant Gorilla Glass 3 කියන screen protection එකෙන් ආරක්ෂිත නිසා hard use කරන්න පුළුවන් screen එකට හානි වෙයි කියල වැඩිය හිත හිතා ඉන්නේ නැතුව. වතුරෙන් හා දූවිල්ලෙන් ආරක්‍ෂිත විදියට මේක නිර්මාණය වෙලා තියෙන්නේ. Device එක charge කරන්න Pogo pin සම්බන්ධක සහිත කුඩා පද්ධතියක් භාවිතා වෙනවා. පහත දැක්වෙන්නේ මෙය අතේ පැළඳුවාම පෙනෙන විදියයි.

කොහොමහරි TrekStor කියන්නෙ මේ ක්ෂේත්‍රයට අලුත් සමාගමක් නෙමෙයි. එයාල මීට කලින් Windows 10 tablets වගේම Windows 8.1 ක්‍රියාත්මක වෙන ජංගම දුරකතනයකුත් නිර්මාණය කරලා තියෙනවා.

Source : https://www.neowin.net/news/gallery-a-closer-look-at-trekstors-new-windows-10-wearable-device

 

Comments

comments

1 COMMENT

LEAVE A REPLY