
බොහෝ දෙනාට මේ ආරංචිය ආවේ Microsoft සමාගම ස්ව්යංක්‍රීය කාරයක් නිපදවන්න යනවා කියලයි. ඇත්තටම බැලුවොත් ඒක Microsoft සමාගම වැනි දැවැන්තයෙක් අත ගහන්න අවශ්‍ය කාරණයක් නෙමෙයි. මොකද ඒ සඳහාම වෙන් වුන සමාගම් ඕනෑ තරම් තියනවා. ඉතින් ඔවුන් Microsoft සමාගමෙන් ඉල්ලුවේ එම ස්වයංක්‍රීය වාහන පාලනය කිරීමට අවශ්‍ය Office 365, Windows operating system එහෙමත් නැත්නම් Azure වගේ services.
Office 365 ඔබේ රථයේ run වෙනවා කියලා හිතන එක ටිකක් අමුතුයි තමයි. පොඩ්ඩක් හිතන්න ඔබ කොපමණ වේලාවක් traffic එකට අහු වෙලා පාරේ නාස්ති කරනවද? ඒ කාලය ඔබේ කාර්යාලීය වැඩ වලට යොදාගන්න තිබුනොත්? ඔබේ නවතම කාර්යාලය ඔබේම වාහනය වුනොත්? එය විශාල ආයෝජනයක් කියලා ඔබට තේරෙනවා ඇති.
වාහන වලට software හදන එක Microsoft සමාගම මේ අද ඊයේ පටන් ගත්ත එකක් නෙමෙයි. BMW , Nissan සහ Fiat සඳහා entertainment systems ඇතුළුව Windows interfaces මොවුන් හැදුවා. ඉතිං ඔබට මීටත් වඩා අපූරු සිත්ගන්නාසුළු driving experience එකක් ලබා දෙන්න මේ වන විටත් ඔවුන් කටයුතු කරගෙන යනවා.