ඔයාගේ යාලුවෙක්ගේ පරිගණකයකට අන්තර්ජාලය හරහා කෙලින්ම ලොග්වෙන්න දැනට පාවිච්චිකරන Software එක TeamViewer කිව්වොත් එක පුදුමයට කරුනක් නෙවෙයිනේ. ඉතින් මේ TeamViewer ඇප් එකට තරගයක් දෙන්න Microsoft සමාඟමෙන් Windows 10 එක්ක ලබාදෙන්න සූදානමක් තියන ඇප් එකක් ගැන අපිට ආරංචි තියනවා. මේ ඇප් එකේ නම තමා Quick Assist. මේකත් හරියටම නිකන් TeamViewer වගේමයි.
TeamViewer වල වගේම මේ app එකෙත් ඔයාට ඔයාගේ යාලුවෙක්ගේ පරිගණකයට ලොග්වෙන්න User Id එකකුත් Password එකකුත් ලබාදෙනවා. ඊට පස්සේ TeamViewer වගේම ඔයාට පුලුවන් ඒ පරිගණකයේ වැඩකරන්න.
ඉතින් මේ ඇප් එක ඇත්තටම නිකුත් වෙන දවසක් නම් තාම දන්නේ නෑ. ඒත් පේන විදියටනම් TeamViewer එකට ලොකු තරගයක් වෙයි මේ ඇප් එක.